24 C
Colombo
Sunday, February 16, 2025

විදුලිබිල අඩු කළ යුතු බවට යෝජනා

- Advertisement -

විදුලිබිල 20%ත් 30%ත් අතර ප්‍රමාණයකින් අඩු කළ යුතු බවට ගාස්තු සංශෝධනය සඳහා පළාත් 09ම ආවරණය වන පරිදි සිදුකළ මහජන අදහස් විමසීමේදී යෝජනා වී තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිසමේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියේ ඒ අනුව, කොමිසමේ අවසන් තීරණය මෙම සතියේදී ප්‍රකාශයට පත් කරන බවයි.

මේ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම පසුගිය 10 වැනිදා අවසන් වූ අතර එහිදී දේශපාලඥයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, බලශක්ති විශේෂඥයින් ඇතුළු 400කට අධික පිරිසක් අදහස් ලබාදී තිබුණා.

මෙම වසරේ මුල් මාස 6 සඳහා ක්‍රියාත්මක වීමට නියමිත ගාස්තු සංශෝධනය පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් කරමින් පසුගිය මස 06 වැනිදා ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දුන්නේ විදුලි ගාස්තුව අඩුකළ නොහැකි බවයි.

කෙසේවෙතත් දෙසැම්බර් 17 වැනිදා ප්‍රතියෝජනාවක් ඉදිරිපත් කළ මහජන උපයෝගිතා කොමිසම, විදුලි ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම සඳහා පවතින අනවශ්‍ය වියදම් අඩු කිරීම මගින් විදුලි ගාස්තුව සියයට 11ත් 20ත් අතර ප්‍රමාණයකින් අඩු කළ හැකි බව අවධාරණය කළා.

ඊට අමතරව කොමිසම සඳහන් කළේ ඉන්ධන මිලදී ගැනීමේදී සාධාරණ පිරිවැයක් මත එම කටයුතු සිදු කරන්නේ නම් රුපියල් බිලියන 28ක පමණ මුදලක් ඉතිරි කර ගත හැකි බවයි.

ඒ අනුව, 22%කින් පමණ ගාස්තු අඩු කළ හැකි බව කොමිසම මූලික නිර්දේශ ඉදිරිපත් කරමින් දක්වා තිබුණා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES