27.5 C
Colombo
Wednesday, October 4, 2023

සංජය ලීලා බන්සාලිට හා ආලියාට සිතාසි

- Advertisement -

ප්‍රවීන බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂක සංජය ලීලා බන්සාලි හට ඉන්දීය අධිකරණයෙන් සිතාසි නිකුත් කර ඇත.

ඒ ඔහුගේ නවතම චිත්‍රපටය වන ආලියා බාත් රංගනයෙන් දායක වන ‘Gangubai Kathiawad’ චිත්‍රපටය සම්බන්ධවයි.

ඉන්දියාවේ සිටි අඩු වයසින් ගණිකා වෘත්තියේ නියැලුණු Gangubai නම් කාන්තාවගේ ජීවිත කතාව පාදක කරගනිමින් රචනා වී ඇති ‘Mafia Queens of Mumbai’ඇසුරෙන් නිර්මාණය කල Gangubai Kathiawadi චිත්‍රපටයේ අධ්‍යක්ෂක සංජය ලීලා බන්සාලිට, නවකතාවේ රචකයා වු හුසේන් සයිදිට, බන්සාලි නිෂ්පාදන සමාගමට හා චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන ආලියා බාත් හට මෙසේ සිතාසි නිකුත් කර ඇත.

කතාව හා චිත්‍රපටය සඳහා පාදක වූ සැබෑ ගංගුබායිගේ පුතෙක් වන 74 වියැති බාබුජි රවුජි ෂාහ් විසින් මොවුන්ට විරුද්ධව පසුගිය දෙසැම්බර් මාසයේදි නඩු පවරා ඇත්තේ ඔහුගේ මව ගණිකාවක් ලෙස අදාල කෘතියේ හා චිත්‍රපටයේ හදුන්වා ඇති බව පවසමින්.

තවදුරටත් ඔහු පවසන්නේ අදාල කෘතියේ හා චිත්‍රපටයේ ඔහුගේ මව ගණිකා ජාවාරමේ නියැලීම හා මාෆියා රැජිණක් ලෙස හදුන්වා තිබීම ඇයට⁣ත් තම පවුලටත් සිදුකර ඇති අපහාසයක් ලෙසයි.

නවකතාව ප්‍රකාශයට පත් වු බවක් ඔහු නොදන්නා බවත් චිත්‍රපටය ගැන ආරාංචි සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රසිද්ධවීමත් සමඟ මේ පිළිබදව දැනගත් බවත් ඔහු පවසා ඇත.

ඔහුගේ මව එනම්, මේ කතාව හා චිත්‍රපටයට පාදක වු ගංගුබායි සැබෑවටම ගණිකාවන් වැනි ලිංගික සේවා සපයන අයවලුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්ම මිනිස් ජාවාරම් වෙනුවෙන්ද පෙනී සිටි අයෙක් වූවා මිස ගණිකාවක් නොවන බව ඔහු පවසා ඇත.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් වූවායින් පසුව තම දියණියගෙන් හා ලේලිගෙන් නාදුනන මිනිසුන් මිල ගණන් හා අනිසි බලපෑම් සඳහා යෝජනා ගෙන එන බවත් ඔහු පවසා ඇති අතර නවකතාව ප්‍රකාශයට පත් කිරීමට පෙර ඔහුව දැන්වත් කිරීමක් හෝ අවසර ගැනීමක් සිදු නොකල බවත් බාබුජි රවුජි ෂාහ් විසින් අධිකරණ හමුවේ පවසා තිබේ.

සංජය ලීලා බන්සාලි යොවුන් නිළි ආලියා බාත් සමඟ සිදුකල ප්‍රථම සිනමාපටය වු Gangubai Kathiawadi චිත්‍රපටය මේ වසරේ ජුලි 30 නිකුත්වීමට ඇති අතර අධිකරණ විසින් සිතාසි නිකුත් කර ඇත්තේ මැයි 21 වන විට අධිකරණට හමුවේ පෙනී සිටින ලෙසයි.

-අනුෂ්ක රසාංජන ද සිල්වා-

RECENT ARTICLES - SINHALA

ලාෆ් ගෑස් මිලත් ඉහළට

ලාෆ් ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරය රුපියල් 150 කින් වැඩි වී...

කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්ෂාව

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ආරක්ෂාව යොදවා තිබෙනවා. දුම්රිය නියාමක සංගමය ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්...

බදු වැඩි වෙන්නේ ගෝඨාභය එලෙව්ව නිසා – නාමල් රාජපක්ෂ

පසුගිය වසරේ පැවති අරගලය හා හිටපු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළවා හැරීම බදු වැඩි වීමට හේතු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...