29.1 C
Colombo
Friday, April 26, 2024

සුනිල් තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට බය උනේ නෑ – අගමැති මහින්ද

- Advertisement -

සුනිල් පෙරේරා යනු තමන් විශ්වාස කරන අදහස් උදහස් වෙනුවෙන් පෙනී සිටීමට කිසි විටක පසුබට නොවූ පුද්ගලයෙකු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතාගේ අභාවය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කරමින්.

ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා මහතා මෙරට සංගීත ක්ෂේත්‍රයෙහි ප්‍රබල භූමිකාවක් නිරූපනය කළ බවත් ඔහුගේ අභාවය පිළිබඳ අසා තමන් මහත් සේ කණගාටුවට පත් වූ බවත් අග්‍රාමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා සිටිනවා.

මෙරට ප්‍රාසාංගික වේදිකාවට සුනිල් පෙරේරා නොමැති අඩුව තදින්ම දැනෙනු ඇති නමුත් සිය සංගීත නිර්මාණ ඔස්සේ හැමදාමත් ඔහු අප අතර ජීවමාන වනු ඇති බවත් ඒ මහතාගේ අභාවය නිසා ශෝකයට පත් පවුලේ සැමටත් රසික ජනතාවටත් සිය සංවේගය ප්‍රකාශ කරන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජප්ක්ෂ මහතාද සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා සිටින්නේ කණ්ඩායම් සංගීතයේ නව පෙරළියක් ඇති කරමින්, අදටත් එක සේ ජනප්‍රිය ගීත රැසක් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට දායාද කළ ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතාගේ අභාවය පිළිබඳව තමන් සිය සාතිශය සංවේගය ප්‍රකාශ කර සිටින බවයි.

කොරෝනා ආසාදිත ව ප්‍රතිකාර ලබමින් සිට සුව වී නිවසට පැමිණි ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතා, නැවත මතු වූ සංකූලතාවක් හේතුවෙන් මීට දින තුනකට පෙර රෝහල්ගත කරනු ලැබුවා. අසාධ්‍ය තත්ත්වයේ පසූ වූ ඔහු මෙලොවින් සමුගත් බව ඔහුගේ පවුලේ සාමාජිකයින් දැනුම් දුන්නේ අද දින අලුයමදීයි.

කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ පෙරගමන්කරුවෙකු වූ ජිප්සීස් කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා තමාටම ආවේණික වූ ශෛලයකින් කටහඬ මෙහෙයවමින් ජනහද දිනා ගැණීමට සමත් විය.

ලුණු දෙහි, පාවෙන පීරිසියක්, තාත්තා මට ඇනපු ටොක්ක, පිටි කොටපන්, සයිමා කට්වෙලා, අංකල් ජොන්සන් වැනි ජනප්‍රිය ගීත අදටත් ඔහුගේ හඬ පෞරුෂත්වය ජීවමාන කිරීමට සමත් වේ.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...