28.6 C
Colombo
Monday, April 21, 2025

සුපිරි බොලිවුඩ් නළු ගෝවින්දා ට වෙඩි වැදිලා

- Advertisement -

වෙඩි වැදීම හේතුවෙන් ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී ගෝවින්දා රෝහල් ගත කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ අද (01) උදෑසන සිය නීත්‍යානුකූල රිවෝල්වරය අත්වැරදීමකින් ක්‍රියාත්මක වී ඔහුගේම පාදයට වෙඩි වැදී ඇති බවයි.

වෙඩි වැදීමෙන් ඔහුගේ පාදයේ දණහිසට පහළින් තුවාල වී ඇති අතර පැයක පමණ කාලයක් පුරා සිදුකළ ශල්‍යකර්මයකින් පසුව ඔහුගේ පාදයෙන් වෙඩි උණ්ඩය ඉවත් කර ඇති බවට වාර්තා වනවා.

වෛද්‍යවරු පවසා ඇත්තේ මේ වනවිට ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත් දින කිහිපයක් රෝහල් ගතව ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව ඔහුට රෝහලෙන් පිටව යා හැකි බවත්ය.

මේ වන විට 60 වැනි වියේ පසු වන ගෝවින්දා බොලිවුඩ් සිනමාවේ Hero No.1 ලෙස අනුවර්ථ නාමයෙන් ද හඳුන්වනු ලබනවා.

1986 වසරේදී ඉන්දීය සිනමාවට පිවිසෙන ගෝවින්දා මේ වන විට සිනමාපට 150කට පමණ සිය රංගයෙන් දායක වී ඇති බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

පාස්කු ප්‍රහාරය ගැන මාධ්‍යවේදීන් අහනකොට මෛත්‍රිට හදිසියක්

ජනාධිපති අරමුදලේ මුදල් ලබා දීමේ අක්‍රමිකතාවයක් සිදුවි තිබේනම් එය මුදල් ලබා ගත් මන්ත්‍රිවරයා හෝ ඇමතිවරයා අතින් සිදුවි තිබෙන බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා...

පොලිසියට යන්න ඉන්නවනම් මෙන්න අවස්ථාව

ශ්‍රී ලංකා පොලීසියට මෙම වසරේදී නිලධාරීන් 5,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. ඒ අනුව ඉන් නිලධාරීන් 2,000ක් ඉතාමත්...

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබගේ අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්ය වී තිබෙනවා. ඒ...

POPULAR ARTICLES

ආහාර සුරක්ෂිතතා කමිටුව අදත් රැස්වෙලා

රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා ආහාර සුරක්ෂිතතා කමිටුව 06 වන වරටත් අද (21) රැස් වුණා. ඒ කෘෂිකර්ම, පශු සම්පත්,...

පාස්කු ප්‍රහාරය ගැන මාධ්‍යවේදීන් අහනකොට මෛත්‍රිට හදිසියක්

ජනාධිපති අරමුදලේ මුදල් ලබා දීමේ අක්‍රමිකතාවයක් සිදුවි තිබේනම් එය මුදල් ලබා ගත් මන්ත්‍රිවරයා හෝ ඇමතිවරයා අතින් සිදුවි තිබෙන බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා...

මර්වින් සිල්වාට අධිකරණයෙන් නියෝගයක්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (21) අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ ලබන 05 වනදා දක්වායි. කිරිබත්ගොඩ ඉඩම් නඩු සිද්ධියට...