33 C
Colombo
Saturday, April 20, 2024

ජනාධිපතිවරයාට සහය පලකරන පිරිසක් හිරුණිකාගේ නිවස වටලයි (වීඩියෝ)

- Advertisement -

කොළොන්නාවේ පිහිටි තම නිවස ඉදිරියේ කිසියම් පිරිසක් විසින් විරෝධතාවයක නිරතව සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.

ඇය සඳහන් කරන්නේ අද පෙරවරුවේ තමන් ඇතුළු කාන්තාවන් පිරසක් සිදුකරන ලද උද්ඝෝෂණයට විරුද්ධව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි.

තමන් මේ මොහොතේ නිවසේ රැදී නොසිටින නමුත් තමන්ගේ දරුවන් තිදෙනා නිවසේ සිටින බවත් ඔවුන්ට හෝ නිවසේ දේපලවලට කිසියම් හානියක් සිදුවුවහොත් තමන් ඊට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇය සදහන් කරනවා.

එසේ වුවහොත් නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට ගොස් සිදුවූ මෙම හානිය සම්බන්ධයෙන් ජාත්‍යාන්තරයද දැනුවත් කරන බවත් ඊට ජනාධිපතිවරයාද වගකිවයුතු බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැඩිදුරටත් සදහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

මිලියන 45 ක් නාස්ති කර පාස්කු ගැන තවත් විවාදයක්

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පැවැත්වීමට නියමිත දින තුනක පාර්ලිමේන්තු විවාදය සඳහා රුපියල් මිලියන 45ක්  පමණ වැය වනු ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. මෙය...

ලොරි රථයකට යටවී කාන්තාවක් මරුට

නිට්ටඹුව, වතුපිටිවල ප්‍රදේශයේ‍දී යතුරුපැදියක ගමන් කළ කාන්තාවකගේ අත්බෑගයක් ලොරි රථයක බඳේ පැටලීමෙන් සිදුවු අනතුරකින් එම කාන්තාව මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ, අත්බෑගය ලොරි රථයේ බඳෙහි...

විදුලිය හා ඉන්ධන අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

විදුලිය සැපයීමට හෝ ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන බෙදා හැරීමට සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...