23 C
Colombo
Friday, February 14, 2025

පිහි ප්‍රහාරයකට ලක්වූ සයිෆ් ට සැත්කමක්

- Advertisement -

නිවසට පැමිණි කොල්ලකරුවෙකුගේ පිහි ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කළ ඉන්දීය සුපිරි නළු සයිෆ් අලී ඛාන් මේ වනවිට අවදානම් මට්ටමෙන් මිදී ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.

අද (16) අලුයම 2.30ට පමණ සයිෆ් අලී ඛාන් හා ඇගේ බිරිඳ වන නිළි කරීනා කපූර්ගේ මුම්බායි හි පිහිටි නිවස කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇති බව මුම්බායි පොලීසිය සිදුකළ මුලික විමර්ශනවල දී අනාවරණය වී තිබුණා.

එහිදී නිවසට ඇතුළු වූ කොල්ලකරු සහ සයිෆ් අලී ඛාන් අතර පොරබැඳීමක් ද සිදුව තිබෙනවා.

පසුව සයිෆ් ට තියුණු ආයුධයකින් පහරදුන් සැකකරු එම ස්ථානයෙන් පළා ගොස් තිබුණා.

තුවාල ලැබු සයිෆ් අලී ඛාන් ප්‍රතිකාර සඳහා මුම්බායි හී රෝහලකට ඇතුළත් කර ඇති අතර පිහි ඇණුම් තුවාල 06ක් පමණ ඔහුගේ සිරුරේ නිරීක්ෂණය වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

ඉන් එක් ප්‍රහාරයක් ඔහුගේ කොඳු ඇට පෙළ ආසන්නයට එල්ල වී ඇති බව ද සඳහන්.

ඒ අනුව පැය 2ත් – 05ත් අතර කාලයක ශල්‍යකර්මයකට ද සයිෆ් යොමු කර ඇති අතර මේ වන විට ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් අතර හැරෙමින් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

අදාළ අවස්ථාවේ සයිෆ් අලී ඛාන්ගේ බිරිඳ වන බොලිවුඩ් නිළි කරීනා කපූර් හා දරුවන් දෙදෙනා ද නිවසේ සිට ඇති නමුත් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති බව ද සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගේ නිවසේ ආරක්ෂාවට සිටි පුද්ගලයින් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට ද මුම්බායි පොලීසිය පියවර ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES