29 C
Colombo
Wednesday, June 7, 2023

ශල්‍යකර්ම සීමා කළේ සල්ලි නැති නිසා – බන්දුල ගුණවර්ධන

- Advertisement -

අත්‍යාවශ්‍ය නොවන ශල්‍යකර්ම කෙටි කාලයක් සඳහා කල් දැමීමට තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

කැබිනට් මාධ්‍ය හමුවකට අද (14) එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

අමාත්‍යවරයා සඳහන් කළේ ශල්‍යකර්ම සඳහා අවශ්‍ය උපකරණ සහ ඖෂධ ගෙන ඒමට මුදල් නොමැතිකම මත මෙම තීරණය ගෙන ඇති බවයි.

“මම කියන්නේ ඔය විධියට ඇමතිවරයාට හෝ එහෙම පුද්ගලිකව තීන්දු තීරණ ගන්න බෑ ආණ්ඩුකරණයේදී.

ශල්‍යකර්මයක් පමා කරනවා කියන එක ඉතා ම ගැඹුරින් ගන්න තීරණයක්. එහෙම ගන්න වෙලා තියෙන්නේ ඒක කරන්න අවශ්‍ය කරන උපකරණ හා ඖෂධ ගේන්න මුදල් නොමැතිකම නිසා. නැත්නම් මේ නැව ගෙනැල්ලා නැව තියෙනකොට ඒ නැවට පමා ගාස්තු ගෙවන්න සිද්ධ වෙනකොට දඩ මුදල් ගෙවන්න වෙනකොට ඇයි නැව ගන්නේ නැත්තේ ගල් අඟුරු ටික? මුදල් නැති නිසා.

මේක හොයන්න වෙන මුදල්වලට වෙන විකල්ප ක්‍රමයක් නෑනේ. ඔබයි මමයි මුදල් ප්‍රශ්නයකට මුහුණ දුන්නා ම, ආදායම තියෙනවා, වියදම නෑ. ණයට ගන්න කෙනෙකුත් නෑ. කවුරුත් ණය දෙන්නෙත් නෑ. එතකොට කොහොම ද ඒ, මොකක් හරි දෙයකින් කැප කිරීමක් කරනවා හැර වෙන විකල්පයක් තියෙනවා ද? තියෙනවා නම් ඒ විකල්පයට අපිට කරතහැකිනේ රජයක් ලෙස.”

මේ අතර අත්‍යාවශ්‍ය සහ හදිසි සෞඛ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම තහවුරු කිරීම සඳහා ජපානයෙන් ඩොලර් මිලියන 38ක ප්‍රදානයක් ලබාදීමට ජපාන රජය කැමැත්තත පළකර කර තිබෙනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියා.

“අත්‍යවශ්‍ය සේවා සහ ප්‍රවාහන පහසුකම් තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයේ සෞඛ්‍ය සේවා සැපයුම් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා ජපාන ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ජපන් යෙන් බිලියන 5ක ප්‍රදානයක් ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 38ක ප්‍රදානයක් ලබාදීමට ජපන් රජයේ එකඟතාව පළකරලා තියෙනවා.

ශ්‍රී ලංකාවේ පවතින වර්තමාන ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන ජපාන ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය සහ හදිසි සෞඛ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම තහවුරු කිරීම පිණිස ඉන්ධන ප්‍රධාන වශයෙන් ඩීසල් සැපයීම් සඳහා තමයි මේ ප්‍රදානය ලබාදීලා තියෙන්නේ.”

RECENT ARTICLES - SINHALA

මැති ඇමති නොවන පිරිසකට ආරක්ෂකයන් 5400ක් දීලා

ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට අමතරව වෙනත් පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂකයන් 5400ක් ලබාදී ඇතැයි තොරතුරු අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද(06)...

ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් අඩුවෙයි

ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට ගොඩබෑමේ ගාස්තු වසරක් දක්වා සියයට 50 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි වරාය නාවික සහ ගුවන්...

මෛත්‍රිපාල ශ්‍රී ලංකන් එකට දෙහි කපයි

ශ්‍රී ලංකා ගුවන් සේවයේ බත් පැකට් එකේ ඉදල තියෙන්නෙ ගැහිල්ල බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුවේදී අද (6) ප්‍රකාශ කළා.

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...