28.9 C
Colombo
Thursday, July 10, 2025

සුසන්තිකාත් රට හැර ගිහින්

- Advertisement -

ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ සිය දරුවන් දෙදෙනා සමඟ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීමට සූදානම් බව වාර්තා වනවා.

මීට මාස දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇති ඇය, යළි මෙරටට පැමිණීම අවිනිශ්චිත බව වාර්තා වන අතර ඇයගේ දරුවන්ගේ අධ්‍යාපනයට සහ අනාගතයට මුල්තැන දීම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමේ අරමුණ බවයි පැවසෙන්නේ.

සුසන්තිකාගේ සමකාලීන මලල ක්‍රීඩිකාව, ආසියානු පදක්කම්ලාභී සහ ඔලිම්පික් ක්‍රීඩිකා දමයන්ති දර්ශා ද මීට වසර කිහිපයකට පෙර සිය පවුල සමඟ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණා.

මේ වන විට 49 හැවිරිදි වියේ පසුවන සුසන්තිකා ජයසිංහ 2000 වසරේ සිඩ්නි ඔලිම්පික් උළෙලේ දී මීටර් 200 ඉසව්වේ රිදී පදක්කම දිනාගත් අතර, ඩන්කන් වයිට්ගෙන් පසු ඔලිම්පික් පදක්කමක් දිනූ දෙවන ශ්‍රී ලාංකිකයා සහ ස්ප්‍රින්ට් ඉසව්වකින් ඔලිම්පික් හෝ ලෝක ශූරතා පදක්කමක් දිනූ පළමු ආසියානු කාන්තාවයි.

ඇය කෙටි දුර ධාවන ඉසව්වලින් ඔලිම්පික් පදක්කමකට හිමිකම් කී එකම ආසියානු ක්‍රීඩිකාව වන අතර ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී පදක්කමක් දිනූ පළමු සහ එකම ශ්‍රී ලාංකිකයා ද වනවා.

සුසන්තිකා 1996, 2000 සහ 2008 දී අවස්ථා තුනකදී ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර ඇයව හැඳින් වූයේ ආසියාවේ කළු වෙළෙඹ යන ආදරණීය නාමයෙන්.

RECENT ARTICLES - SINHALA

ඔටිසම් සහ ස්නායු ගැටලුවලින් පෙළෙන ළමුන් සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන

ඔටිසම් තත්ත්වය සහ ස්නායු සංවර්ධනය පිළිබඳ ගැටලුවලින් පෙළෙන ළමුන් වෙනුවෙන් ප්‍රතිකාර හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ යෝජනාවක් සති...

අල්ලස් ඉල්ලු පොලිස් නිලධාරියා රිමාන්ඩ්

රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ පහක අල්ලසක් ඉල්ලා රුපියල් 180000ක මුදලක් ලබා ගත්තේ යැයි කියන බස්නාහිර පළාත් උතුරු දිසාව අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරියෙකු...

බදු තවත් අඩු කරගන්න බලනවා – හර්ෂණ

ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 30%ක තීරුබදු ප්‍රමාණය ශ්‍රී ලංකාව ලැබූ සාර්ථකත්වයක් බවත්, නමුත්  තවත් අඩු කරවාගැනීම සඳහා සාකච්ඡා පවත්වන බවත් මුදල්...

POPULAR ARTICLES

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු විස්සයි20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළා. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ...

ඔටිසම් සහ ස්නායු ගැටලුවලින් පෙළෙන ළමුන් සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන

ඔටිසම් තත්ත්වය සහ ස්නායු සංවර්ධනය පිළිබඳ ගැටලුවලින් පෙළෙන ළමුන් වෙනුවෙන් ප්‍රතිකාර හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ යෝජනාවක් සති...

පරාජයේ වාර්තාව ඉන්දියාවට

එංගලන්තයට එරෙහිව ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ අද (10) ආරම්භ වූ තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ද කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට ඉන්දියාවට නොහැකි වුයේ නැහැ. ඒ අනුව ඔවුන් ජාත්‍යන්තර...