සුසිල් ප්‍රේමජයන්තව ඇමතිකමෙන් දොට්ට

ජනාධිපතිවරයා සතු බලතල අනුව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ රාජ්‍ය අමාත්‍ය ධුරය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. සුසිල් ප්‍රේමජයන්ත මහතා වත්මන් රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. කෙසේ වෙතත් ප්‍රේමජයන්ත මහතා පසුගිය දින කිහිපයේ ආණ්ඩුවේ වැඩපිළිවෙල දැඩිව විවේචනය කළා.