32 C
Colombo
Monday, March 17, 2025

කොළඹ සරසවි සිසුවිය ඝාතන සිද්ධියේ සැකකරු තවදුරටත් රිමාන්ඩ්

- Advertisement -

කොළඹ තුරඟ තරඟ පිටියේ කොළඹ සරසවියේ ශිෂ්‍යාවක් ඝාතනය කළ සැකකාර විශ්ව විද්‍යාල සිසුවා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම නියෝගය ලබාදී ඇත්තේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව ඊයේ (30) කැඳවූ අවස්ථාවේදීයි.

සිසුවියගේ මරණය සම්බන්ධයෙන් වූ මුලික මහේස්ත්‍රාත් පරීක්ෂණය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (30) පැවැත්වුණු අතර එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ලබන 13 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙසයි.

මේ වන විට සැකකරු රෝහලේ මානසික ප්‍රතිකාර අංශයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බැවින් විශ්ව විද්‍යාල සිසුවා අධිකරණයට ඉදිරිපත් නොකළ බවයි බන්ධනාගාර ගත නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.

ඊයේ (30) දිනයේ නඩුව කැඳවූ අවස්ථාවේ දී ඝාතනයට ලක්වූ සිසුවියගේ පියා ද අධිකරණය හමුවේ සාක්ෂි ලබාදී තිබෙනවා.

පසුගිය ජනවාරි මස 17 වැනි දා මෙම සිසුවිය සිය පෙම්වතා අතින් ඝාතනයට ලක් වුණු අතර, දෙදෙනා ම කොළඹ සරසවියේ විද්‍යා පීඨයේ අධ්‍යයන කටයුතු කළ ශිෂ්‍යයන් දෙදෙනෙකි.

RECENT ARTICLES - SINHALA

ප්‍රසන්න රණවීරට විදෙස් ගමන් තහනමක්

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ තවත් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පනවා තිබෙනවා. අද (17) මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම විදෙස් ගමන් තහනම පනවා තිබෙනවා.

Breaking: ප්‍රසන්න රණවීරට විදෙස් ගමන් තහනමක්

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. ඒ, කිරිබත්ගොඩ ප්‍රදේශයේ රාජ්‍ය ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. එම සිද්ධියේ...

මියන්මාර සයිබර් කඳවුරුවල සිරවූ තවත් ලාංකිකයින් 15 ක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල සිරවී සිටි තවත් ලාංකිකයින් 15 දෙනෙකු මුදාගෙන ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. ඔවුන් මේ වන විට තායිලන්තය -...

POPULAR ARTICLES