32 C
Colombo
Friday, January 17, 2025

අත්අඩංගුවට ගන්න යද්දි සැකකරුවෙක් වසබීලා

- Advertisement -

මොනරාගල පොලිස් වසමට අයත් මාරාව කිවුලේආර ප්‍රදේශයේ පදිංචි සැකකටයුතු පුද්ගලයෙකු ඊයේ (24) අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු වස පානය කර ඇති බව පොලීසිය පවසනවා.

කිවුලේආර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු තම සහෝදරිය සමඟ පිටස්තර පුද්ගලයෙකු වසර ගණනාවක සිට ජීවත්වන බවත්, ඔහු පිළිබඳව සැකයක් ඇති බවත් නාවික හමුදා සෙබළෙකු වන ඔහු මියගිය බවට සඳහන් කරමින් මව විසින් විශ්‍රාම වැටුප් ගන්නා බවත් සඳහන්කරමින් මොනරාගල ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාට පෙත්සමක් ද ලැබී ඇති බව සඳහන් වනවා.

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් කිවුලේආර මාරාව ඔහුගේ නිවසට ගොස් අනන්‍යතාවය තහවුරු කරගැනීම සඳහා හැඳුනුම්පත ඉල්ලා තිබෙනවා.

ඔහු එය ලබාදීම සඳහා නිවස තුළට ගොස් එකවරම වස බෝතලයක් රැගෙන පානයකර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ඔහු 1990 ගිලන්රථයක් මඟින් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත්කර තිබෙනවා.

සැකකරු අම්බලන්තොට ප්‍රදේශ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහුගේ නිවැරැදි නාමය මෙතෙක් අනාවරණ වී නැහැ.

ඔහු දැනට පොලිස් ආරක්ෂාව මධ්‍යයේ මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව සඳහන් වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

RECENT ARTICLES - SINHALA

දුම්රියේ සම්බාහන මැදිරිය ගැන විමර්ශනයක්

දුම්රිය මැදිරියක් තුළ විදෙස් සංචාරකයින් සම්බාහනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. මේ පිළිබඳව අදහස් දක්වමින්, දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර...

චීනයේ සතුටුම නගරයට ගිය අනුර

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වං ෂියාඕහ්වෙයි (Wang Xiaohui) මහතා අතර...

මාධ්‍යවේදී එක්නැලිගොඩගේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය කල්තැබේ

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් පිරිසකට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි...

POPULAR ARTICLES