26.7 C
Colombo
Sunday, July 20, 2025

ඉෂාරා සෙව්වන්දිගේ ගිණුමකට මුදල් බැරකළ සැකකරු රිමාන්ඩ්

- Advertisement -

පාතාල කල්ලි නායකයකු බව කියන ගනේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දී නමැත්තියගේ බැංකු ගිණුමකට රුපියල් 50,000/- ක මුදලක් බැර කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු ලබන 20 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී හමුවට ඉදිරිපත් කෙරුණා. 

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු විසින් ඉෂාරා සෙව්වන්දී නමැත්තියගේ බැංකු ගිණුමට මුදල් සම්ප්‍රේෂණය කර ඇති බවයි.

එම ඝාතනය සිදුවූ වකවානුවේ මෙම මුදල් තැන්පත් කිරීම් සිදු කර තිබෙන බවත් සැකකරුගේ ගිණුමට මෙම මුදල් මාර්ගගත ක්‍රමයට තැන්පත් කර තිබෙන බවත් පොලිසිය පැවසුවා.

අදාළ සැකකරුට මෙම මුදල් ලැබුණේ පාතාල කල්ලි සාමාජිකයින්ගෙන් දැයි සොයා බැලීම සඳහා විමර්ශන සිදු කරන බවත් එම විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා. 

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරඟ තුනක සත්කාරක රට මෙන්න

ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන අදියර (2027) ඇතුළුව 2029 සහ 2031 වර්ෂන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම්කර තිබෙනවා. 2027 අදියරේ...

කොල්ලුපිටියේ සමාජ ශාලාවක දී වෙඩිතැබීමට ගත් උත්සහයක් ව්‍යර්ථ වෙයි

කොල්ලු‍පිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් තුළදී පාතාල කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකුට එම රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂකයින් පහර දී...

හොර පාස්පෝට් එකකින් රට පනින්න ගිය අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ජපානය, තුර්කිය හරහා යුරෝපය වෙත යාමට උත්සහ කළ ඉරාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී...

POPULAR ARTICLES