30 C
Colombo
Tuesday, April 29, 2025

කොටහේනේ දී මෝටර් රථයක් පැහැරගෙන පලාගිය සැකකරු අත්අඩංගුවට

- Advertisement -

ව්‍යාපාරිකයෙකුගේ ගැබිණි බිරිඳ සහ මව මෝටර් රථයේ සිටියදී, එම මෝටර් රථය පැහැරගෙන ගිය කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ 33 හැවිරිදි පුත්‍රයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මෝදර පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගන්නා විට එම සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 12 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති බවත් සඳහන්.

ඉකුත් 12 වැනිදා කොළඹ 3 වේල්ල වීදිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඔහුට අයත් මෝටර් රථයෙන් ඔහුගේ බිරිඳ සහ මව සමග කොටහේන වීදියේ වාසල පාර පිහිටි හෝටලයක් වෙත පැමිණ තිබෙනවා.

මෝදර පොලිසිය සඳහන් කළේ, අනතුරුව එම ව්‍යාපාරිකයා බිරිඳ සහ මව මෝටර් රථය තුළ සිටියදී හෝටලය තුළට ගොස් ඇති අතර, එම අවස්ථාවේදී සැකකරු මෝටර් රථයේ රියදුරු අසුනට පැමිණ මෙම පැහැර ගැනීම සිදුකර ඇති බවයි.

මෙම සිදුවීම වන අවස්ථාවේදී ඒ අසල විමර්ශනයක් සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු කණ්ඩායමක් එම පොලිස් ස්ථානයට අනියුක්ත කැබ්රථයකින් පැමිණ සිට තිබෙනවා.

ඒ අනුව, වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන්, පැහැරගත් මෝටර් රථය නවත්වා ගැනීමට සංඥා කර ඇති අතර සැකකරු ඊට අවනත නොවීම හේතුවෙන් උප පොලිස් පරීක්ෂකවරයා ඔහුගේ රාජකාරි ගිනි අවියෙන් වෙඩි වාර දෙකක් අදාළ මෝටර් රථය දෙසට එල්ල කර ඇති බවත් සඳහන් වනවා.

ඒත් සමඟම පොලිස් නිලධාරීන් පලායන මෝටර් රථය පසුපස හඹාගොස් ඇති අතර, කොටහේන බ්ලූ මැන්ඩල් රේල් පාර අසලදී සැකකරු මෝටර් රථය නවතා පලාගොස් තිබෙනවා.

කෙසේ නමුත් පොලීසිය සඳහන් කළේ, මෝදර පොලිසියට ලද තොරතුරකට අනුව කොටහේන ආමර්වීදිය ප්‍රදේශයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වීම හේතුවෙන් සැකකරුගේ පියා වන කෝටිපති ව්‍යාපාරිකයා එම පුද්ගලයාව පවුලෙන් ඉවත් කර ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් මෝදර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

පුතා ගෙනා චීන පටස් හැපූ දන්ත වෛද්‍යවරිය දැඩි සත්කාර ඒකකයට

චීන පටස් එකක් හැපීමට ගිය දන්ත වෛද්‍යවරියක් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ, පානදුර වෑකඩ...

පුංචි ඡන්දයේ නිහඬ කාලය ගැන දැනුම්දීමක්

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ප්‍රචාරණ කටයුතු ලබන 03 වන සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා. මැතිවරණ කොමිසම...

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදය යථා තත්ත්වයට

මුහුදුබඩ මාර්ගයේ පැවති දුම්රිය ප්‍රමාදය මේ වනවිට යථාතත්වයට පත්ව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, ඉඳුරුව ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ පාලමක ඇතිවූ ගැටලුවක් හේතුවෙන් අද (29)...

POPULAR ARTICLES