24 C
Colombo
Monday, January 20, 2025

පොහොට්ටු මන්ත්‍රීට බෝතලයකින් ගැසූ සැකකරු රිමාන්ඩ්

- Advertisement -

පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චින්තක අමල් මයාදුන්න මහතාට වතුර බෝතලයකින් ප්‍රහාරයක් එල්ල කළ ආබාධිත විශ්‍රාමික යුද හමුදා සෙබලා (16) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ (52) හැවිරිදි ආබාධිත යුද හමුදා විශ්‍රාමික සෙබළෙක්.

ඉකුත් (06) වන දින වනාතවිල්ලුව ප්‍රාදේශිය සභා මහජන ක්‍රිඩාංගනයේ පැවති සංගීත සංදර්ශණයක් සදහා සහභාගි වූ මන්ත්‍රිවරයාට එහි ගීත ගායනා කිරීම සදහා වේදිකාවට පිවිසිමට සංවිධායක මණ්ඩලය විසින් කරන ලද ඇරයුමකට අනුව වේදිකාවට පිවිසීමේදී සැකකරු විසින් වතුර බෝතලයකින් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි වාර්තා වෙන්නේ.

වතුර බෝතලය මන්ත්‍රිවරයාගේ සපත්තුවේ ගැටී මන්ත්‍රිවරයාට කිසිදු අනතුරක් සිදු නොවනද එම ස්ථානයේ රැදී මන්ත්‍රි ආරක්ෂක අංශය විසින් සැකකරුව අල්ලා වනාතවිල්ලුව පොලිස් නිළධාරින්ට භාර දීමට කටයුතු කර තිබුණා.

අනතුරුව මන්ත්‍රිවරයා විසින් වනාතවිල්ලුව පොලිස් ස්ථානයට කල පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කෙරුණා.

එහිදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ මන්ත්‍රි වරයා සහභාගිවූ විවිධ උත්සව අවස්ථාවන් සදහා සැකකරුද සහභාගි වී ඇති බවයි.

එම අවස්ථාවන් වලදීද මන්ත්‍රිවරයාට කිහිප වතාවක්ම මොහු විසින් තර්ජනාත්මක බැණවැදීම් සහ අපහාස සිදුකර ඇති බවද මන්ත්‍රීවරයා පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස (16) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති අතර වනාතවිල්ලුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන  ආරම්භ කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

මාධ්‍යවේදීන්ට වරලත් ආයතනයක්

ජනමාධ්‍යවේදීන්ගේ මාධ්‍ය විෂය පිළිබඳව දැනුම ප්‍රවර්ධනය කර ගැනීමට අවස්ථාව උදාකර දීම හා වෘත්තියට වටිනාකමක් එක්කර දීම සදහා මාධ්‍ය පිළිබද වරලත් ආයතනයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය...

අදානිගේ ව්‍යාපෘතියකට දුන් බදු සහනයෙන් ඩොලර් මිලියන 200ක පාඩුවක්

අදානි පොර්ට්ස් සහ ස්පෙෂල් ඉකොනොමික් සෝන් ලිමිටඩ් සමාගම සහ ජෝන් කීල්ස් සමාගම විසින් මෙහෙයවන කොළඹ බටහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතියට , ආයෝජන මණ්ඩලය විසින් ලබා...

විනිසුරු නිශ්ශංක බන්දුල විශ්‍රාම පූර්ව නිවාඩු යයි

ලබන ජූනි මාසයේදී විශ්‍රාම ලැබීමට නියමිත අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, මෙම මස අවසානයේ සිට විශ්‍රාම පූර්ව නිවාඩු ලබාගනු ඇතැයි වාර්තා වෙනවා. ඊට අදාළ...

POPULAR ARTICLES

මාධ්‍යවේදීන්ට වරලත් ආයතනයක්

ජනමාධ්‍යවේදීන්ගේ මාධ්‍ය විෂය පිළිබඳව දැනුම ප්‍රවර්ධනය කර ගැනීමට අවස්ථාව උදාකර දීම හා වෘත්තියට වටිනාකමක් එක්කර දීම සදහා මාධ්‍ය පිළිබද වරලත් ආයතනයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය...

අදානිගේ ව්‍යාපෘතියකට දුන් බදු සහනයෙන් ඩොලර් මිලියන 200ක පාඩුවක්

අදානි පොර්ට්ස් සහ ස්පෙෂල් ඉකොනොමික් සෝන් ලිමිටඩ් සමාගම සහ ජෝන් කීල්ස් සමාගම විසින් මෙහෙයවන කොළඹ බටහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතියට , ආයෝජන මණ්ඩලය විසින් ලබා...

Breaking: ගල්ඔය බැම්ම කඩා යයි – අක්කර 600ක් යට වෙයි

ගල් ඔයෙහි ඉවුරු නේනකාඩු ප්‍රදේශයෙන් බිඳවැටී තිබෙනවා. ඒ හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් දීඝවාපිය ජනපදය සතු කුඹුරු අක්කර 600ක් පමණ ජලයෙන් යට වී ඇති...