27 C
Colombo
Saturday, May 24, 2025

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ සැකකරුවන් හඳුනා ගැනේ

- Advertisement -

ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් දෙදෙනෙකු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවේදී සාක්ෂිකරුවන් විසින් හඳුනා ගෙන තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතාගේ නියෝගයකට අනුව හඳුනා ගැනීමේ පෙරට්ටුව ඊයේ (09) පැවැත්වුණා.

මෙහිදී, සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ, විමර්ශනය, වැරදි පාරක යන බවයි.

අත්අඩංගුවේ පසුවන සැකකරුවන් දෙදෙනාම එම සිද්ධියට කිසිසේත්ම සම්බන්ධ නොමැති බවත්,  නියම වෙඩික්කරුවන් නිදැල්ලේ සිටින බවත් ඔහු පවසා තිබුණා.

නීතිඥවරයා තවදුරටත් පවසා ඇත්තේ, මෙම හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සඳහා ඉදිරිපත් කළ සාක්ෂිකරුවන් දෙදෙනෙකු දෙවන සැකකරුගේ ඥාතීන් වන බැවින් සැකකරුවන් හොඳින් හඳුනන ඥාතීන් දෙදෙනෙකු ඔහු හඳුනා ගැනීම සඳහා පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම නීත්‍යානුකූල නොවන බවයි.

කෙසේවෙතත්, එහෙත් විමර්ශන සිදුකරන බස්නාහිර පළාත් දකුණ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරියා අධිකරණය හමුව සඳහන් කළේ, සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සහ CCTV දර්ශනවලින් අනාවරණය කරගත් තොරතුරු මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

සිද්ධියට සම්බන්ධ විමර්ශන තවදුරටත් සිදුකෙරෙන බවත් එම නිලධාරියා සඳහන් කර සිටියා.

ඉන් අනතුරුව අදාළ සැකකරුවන් ලබන 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියම කළා.

කොළොන්නාව ලක් සඳ සෙවන නිවාස සංකීර්ණයේ නිවසක සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් ඩෑන් ප්‍රියසාද් මහතා වෙඩි තබා ඝාතනය කළේ, පසුගිය 22 වැනිදායි.

RECENT ARTICLES - SINHALA

අද වැසි වැටෙන ප්‍රදේශ

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ...

බස් රථයක් පෙරළී අනතුරක්: 21ක් රෝහලේ

නුවරඑළිය - මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඊයේ (23) රාත්‍රියේ...

තීරුබදු ගැන සාකච්ඡා කරන්න නියෝජිත පිරිසක් වොෂින්ටනයට

එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව, තීරුබදුවලට අදාළ කරුණු පිළිබඳ අවධානය යොමු කරමින්, වොෂින්ටන් ඩී.සී.හි පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී...

POPULAR ARTICLES

අද වැසි වැටෙන ප්‍රදේශ

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ...

බස් රථයක් පෙරළී අනතුරක්: 21ක් රෝහලේ

නුවරඑළිය - මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඊයේ (23) රාත්‍රියේ...

නිළි රැජිණ මාලනී ෆොන්සේකා දිවි සැරිය නිම කරයි

‘ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජින’ ලෙස කිරුළු පැළඳූ ජ්‍යේෂ්ඨ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මිය අද (24)  අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යනවිට ඇය 78වන වියෙහි...