32 C
Colombo
Friday, January 17, 2025

මාලිමාවේ මන්ත්‍රීවරුන්ට බාධා කළ සැකකරුවන් රිමාන්ඩ්

- Advertisement -

බිංගිරිය කම්හල් පරිශ්‍රයක් තුළ ඊයේ (30) දින ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනා මුහුණ දුන් සිදුවිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

එහිදී සැකකරුවන් දෙදෙනා හෙට්ටිපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර වැඩබලන මහෙස්ත්‍රාත් ඒ. සී. ඒ. සලාම් මහතා සැකකරුවන් දෙදෙනා ජනාවාරි මස 7වන දින දක්වා රක්ෂිත බණ්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණා.

එම දිනයේ දී සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කිරීමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට කළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධිය ඇතිවී තිබුණේ, ඊයේ පස්වරුවේ කුරුණෑගල බිංගිරිය ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කම්හල් පරිශ්‍රයක දීයි.

කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ ප්‍රවාහන පහසුකම් සම්බන්ධයෙන් වූ ගැටලුවක් පිළිබඳ සාකච්ඡා කිරීමට ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් ප්‍රනාන්දු සහ එහි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක යන ඊයේ පස්වරුවේ එහි ගොස් තිබුණා.

කෙසේ වෙතත් පැයක පමණ කාලයක් ආයතනය තුළ පැවති සාකච්ඡාවකින් පසු පිටතට පැමිණි මන්ත්‍රීවරුන්ට කම්හල් සේවකයින්ට ප්‍රවාහන පහසුකම් සපයන පිරිසකගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා.

RECENT ARTICLES - SINHALA

රත්මලානෙන් නාඳුනන කාන්තා මළ සිරුරුක් හමුවෙයි

රත්මලාන, ලුනාව ඇල ව්‍යාපෘතියට අයත් බෝධිරුක්කාරාම විහාරස්ථානය අසල කලස ඇල මාර්ගයේ තිබී නාදුනන කාන්තා මළසිරුරක් අද (17) වන දින උදෑසන හමුවී ඇතැයි ගල්කිස්ස පොලිසිය...

වතුකරයට ස්මාට් පන්ති කාමර

වතුකර පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර 60ක් ඉදිකිරීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (16) සිදුව තිබෙනවා. ඒ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම්...

කළුබෝවිල වෙඩි තැබිමේ තවත් තොරතුරු

කළුබෝවිල ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් අලෙවිසැලක් ඉලක්ක කර යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ඊයේ (16) දහවල් සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට...

POPULAR ARTICLES