30 C
Colombo
Thursday, January 16, 2025

වැඩතහනමට ලක්වූ ලංවීමේ පිරිසක් යළි සේවයට

- Advertisement -

ඉකුත් රජය සමයේ විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට එරෙහි උද්ඝෝෂණවලට සහභාගිවී වැඩතහනමට ලක් වු ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් හැටදෙදෙනෙකු සියලු වරප්‍රසාද සහිතව යළි සේවයේ පිහිටුවා තිබෙනවා.

ඒ වත්මන් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ විශේෂ නියෝගයකට අනුවයි.

ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට සැරසෙන බව පවසමින් එහි වෘත්තිය සමිති පසුගිය ජනවාරි මාසයේදි උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළා.

විදුලිය සැපයීම අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත්කර තිබියදීත්, පාරිභෝගිකයන් අපහසුතාවට පත් කරමින් රාජකාරිය සිදුකිරීමෙන් වැළකී සිටි සේවකයින්ට එරෙහිව පියවර ගන්නා ලෙස එවක විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නිලධාරීන්ට උපදෙස් දි තිබුණා.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් හැටදෙදෙනෙකුගේ සේවය තහනම් කෙරුණා.

කෙසේ වෙතත් වත්මන් රජයට බලයට පත්වීමෙන් පසු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ විශේෂ නියෝගයක් මත එම සේවකයින් යළි සේවයේ පිහිටුවීමටත්, අහිමි කර තිබු වරප්‍රසාද යළි ලබාදීමට මෙන්ම දඬුවම් මාරු අවලංගු කිරීමටත් කටයුතු කර තිබෙනවා.

එමෙන්ම එම සේවකයින් අද (24) බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ද හමුවුණා.

RECENT ARTICLES - SINHALA

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

කළුබෝවිලත් වෙඩි තැබීමක්

0
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. කොහුවල පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

ගාසා තීරයේ සටන් විරාම ගැන තීරණාත්මක රැස්වීමක් පරක්කු වෙලා

ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ හමාස් සමඟ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරු ගිවිසුමක් අනුමත කිරීම සඳහා සැලසුම් කර ඇති රැස්වීමක් ප්‍රමාද කර තිබෙනවා. ඊශ්‍රායල...