29 C
Colombo
Sunday, June 4, 2023

Sysco LABS Sri Lanka වාර්ෂික සම්මාන රාත්‍රිය සමඟ අභියෝගාත්මක වසරක් සමරයි

- Advertisement -

Sysco LABS සම්මාන උළෙල 2014 වසරේදී හඳුන්වා දෙනු ලැබුවේ වඩාත්ම කැපී පෙනෙන ඉංජිනේරු දක්ෂතා හඳුනා ගැනීම සඳහාය. මෙම සම්මාන උළෙල මූලික වශයෙන් සංවිධානය කරනු ලැබුවේ මේ විෂය සම්බන්ධයෙන් දස්කම් දැක්වූවන් ඇගයීමට මෙන්ම ඔවුන්ගේ දක්ෂතා හා Sysco LABS හි විෂය මූලික ගුණාංග මුල් කරගනිමින් Sysco LABS විසින් ඊට ප්‍රතිලාභ ලබා දීමටය.

මෙම අවස්ථාවට Sysco LABS Sri Lanka සම-නිර්මාතෘ, කළමණාකාර අධ්‍යක්ෂ සහ ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ශනිල් ප්‍රනාන්දු මහතා එක්වූ අතර අභියෝගාත්මක වසරක් තුළ තම කණ්ඩායම දිරිගැන්වීම පිළිබඳවත්, Sysco සංස්ථාවට උපකාර කිරීම පිළිබඳවත්, කණ්ඩායමට සුබ පැතුම් එක් කළේය. වසංගත තත්ත්වය මධ්‍යයේ ලොව පුරා සිටින ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට සහාය දක්වන බවත්, සිය කතාවේදී සාමාන්‍යාධිකාරී සහ උප සභාපති, රසික කරුණාතිලක මහතා පැවසීය. ඔහු විසින් සිය සමාගමේ වාර්ෂික සමාලෝචනය ඉදිරිපත් කළ අතර එහිදී විශිෂ්ඨ ප්‍රතිලාභ  ලබා ගැනීමට දායක වූ කණ්ඩායම් අගය කළේය.

Sysco LABS හි කැපී පෙනෙන දායකත්වය වෙනුවෙන්, කැපී පෙනෙන ඉංජිනේරු විශිෂ්ඨතා සහ ඉංජිනේරු කණ්ඩායම් පිළිගැනීම සඳහා හඳුන්වා දුන් Hall of Fame සම්මානය නායකත්ව කණ්ඩායම විසින් විශේෂ පිළිගැනීමේ සම්මානය, Sysco Shop කණ්ඩායමට පිරිනමන ලදී. දෙවන අනුශූරතාවය Sysco Delivery කණ්ඩායම සහ පළමු අනුශූරතා සම්මානය Pay Plus කණ්ඩායමට හිමිවිය. 2020 වර්ෂය සඳහා Hall of Fame සම්මානයෙන් පිදුම් ලැබුවේ Cloud Pricing කණ්ඩායමයි.

2020 වසරේදී ඔවුන් කළ කැපී පෙනෙන දායකත්වය අගයමින් People Operations, Marketing and Corporate Communications, Finance, Talent Acquisition, IT, Property සහ Mobility අංශ ප්‍රධානීන් වෙත පිරිනමන ලද Shared Services විශිෂ්ඨතා සම්මානය මෙම වසරේදී පිරිනැමීය.

සමාගමේ පිළිවෙලින් අවුරුදු 5 දක්වා දිගු කල් සේවය ලබාදුන් අෂාෆ් හුසේන්, ප්‍රභාත් ද සිල්වා, දහම් පතිරාජ, විජයින්දු ගමගේ, මියුරු මුතුතන්ත්‍රි, ශිරාන් වීරකෝන්, මොහොමඩ් රිෆාඩ්, අමිත් විජයසූරිය, රන්දුලා වේදැන්ද, මනෝජ් ද සිල්වා, එෂාන් ලියනගම, මල්ෂා නාගහවත්ත සහා බුද්ධික කරුණාතිලක යන අයටද අවුරුදු 10 දක්වා දිගු කල් සේවය ලබාදුන් ෂෙසාර්නි රාසිප්,කුෂානි කල්පගේ සහා චින්තක ගමගේ යන අයට කැපවූ සේවය වෙනුවෙන් ඔවුන් පිළිගැනීමට ලක්විය.

Sysco LABS හි අවධානය යොමු වූ ක්ෂේත්‍ර තුන මත පදනම්ව පාරිභෝගික, ව්‍යාපාර බලපෑම් සහ නිවැරදි ඉංජිනේරු කාර්යයන් යන ක්ෂේත්‍ර අලලා Sysco LABS ඇගයීමේ සම්මානය පසුගිය වසර පුරා Digital, Foodservice, Corporate Technology, Customer Experience, Commercial, Canada and Europe වන මෙම අංශයන් වර්ණවත් කළ කණ්ඩායම් වෙත පිරිනමන ලදි. මෙම අවස්ථාව නාද්‍රෝ බෙර වාදනයෙන් සහා  ජනප්‍රිය යොවුන් ගායක  දෙපලක්වන යොහානි හා සනුකගේ හඬින් වර්ණවත් විය.

RECENT ARTICLES - SINHALA

කෝටි 35ක මැණික සොරකම් කළ පුද්ගලයා අත්අඩංගුවට

මීගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් සොරකම් කරන ලද රුපියල් කෝටි 35 ක් පමණ වටිනා බව කියන මැණිකක් සහ රුපියල් ලක්ෂ 27 ක් පමණ...

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ – සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...