29.7 C
Colombo
Thursday, April 25, 2024

චීනය කලාපයේ සාමයට දිගින් දිගටම බාධා කරන බවට තායිවානයෙන් චෝදනා

- Advertisement -

චීනය විසින් දිගින් දිගටම ආක්‍රමණශීලි ලෙස හැසිරෙමින් කලාපයේ සාමයට බාධා කරන බවට තායිවානය චෝදනා එල්ල කරයි.

තායිවාන අගමැති සූ ටීසෙන්ග් චැන්ග් පවසන්නේ චීනය හිතාමතාම සිය මිලිටරි බලය ආක්‍රමණශීලි ලෙස යොදාගනිමින් කලාපයේ සාමයට බාධා සිදුකරන බවයි.

මෙම චෝදනා එල්ල කිරීමට හේතුවී ඇත්තේ චීනයේ ගුවන් යානා 38 ක් පමණ හදිසියේම තායිවාන ගුවන් සීමාව උල්ලංඝනය කිරීමයි.

ඉන් යානා 25 ක් එක් කණ්ඩායමක් ලෙස දහවල් කාලයේත් අනෙක් යානා 13 තවත් කණ්ඩායමක් ලෙස රාත්‍රි කාලයේදීත් මෙම ආක්‍රමණකාරී හැසිරීම සිදු කර ඇති බව තායිවාන බලධාරීහු සදහන් කරති.

මෙය තායිවානය චීනයේ මෙවැනි බලහත්කාරී ගුවන් ආක්‍රමණ වාර්තා කිරීම ඇරඹූ වසර දෙකක පමණ කාලය තුළ වාර්තා වූ බරපතලම ගුවන් සීමා ආක්‍රමණය බව සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...