26.4 C
Colombo
Thursday, March 28, 2024

රුසියානු යුක්රේන ආක්‍රමණයෙන් තායිවානයත් හොදටම බයවෙයි

- Advertisement -

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම තායිවානය තුළ ද භීතියක් මතු කර ඇති බව වාර්තා වේ.

ඒ චීනය ද රුසියාව අනුගමනය කර තායිවානය ඈඳා ගැනීමට බලය භාවිතා කිරීමට උත්සාහ කරනු ඇති බවට සැක මතුවීම හේතුවෙන්.

චීනය දිනපතාම පාහේ තායිවානයේ ගුවන් කලාපයට අනවසරයෙන් ගුවන් යානා යවන අතර එහි අරමුණ තායිවානයේ ආරක්ෂක පද්ධති හඳුනාගැනීම බව විශ්වාස කෙරේ.

ෆිනෑන්ෂල් ටයිම්ස් වාර්තාවක් පවසන්නේ මේ පසුබිම තුළ රුසියානු හමුදාවන්ගේ ඉදිරි ගමන නතර කිරීමට යුක්රේන ජනතාව භාවිතා කරන ක්‍රියාමාර්ගවල සාර්ථකත්වය පිළිබඳව තායිවාන ජනතාව වැඩි උනන්දුවක් දක්වන බවයි.

ජාත්‍යන්තර සහයෝගීතාවය සහ ආධාරවලට අමතරව තායිවානයේ ආරක්ෂාව ජනතාවගේ එකමුතුකම මත රඳා පවතින බව යුක්රේනයේ තත්ත්වය ගෙනහැර දක්වමින් තායිවානයේ ජනාධිපති ට්සායි ඉන්ග්වෙන් අවධාරණය කර තිබේ.

මේ අතර තායිවානයේ ගුවන් හමුදාව සහ නාවික හමුදාව තායිවාන සමුද්‍ර සන්ධියේදී තායිපේ හි ගුවන් ආරක්ෂක හැකියාවන් පරීක්ෂා කරමින් යුධ අභ්‍යාස මාලාවක් ද සිදු කර ඇති බව ද වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...