31 C
Colombo
Friday, April 19, 2024

රට පාලනය කරන්න උපදෙස් ගන්නේ ඥානා අක්කගෙන්

- Advertisement -

වලංගු බලපත්‍ර නොමැති අලි ඇතුන් නැවත ඔවුන්ගේ මුල් හිමිකරුවන් වෙත භාරදීමට අදාල නියෝගය අධිකරණය විසින් නිකුත් කර ඇත්තේ වනජීවී රාජ්‍ය අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් පදනම් කර ගනිමින් බව ජාතික ජල බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ අද (22) දින පාර්ලිමේන්තුව අමතමින්.

අදාල ගැසට් නිවේදනය හරහා නීතිවිරෝධී ලෙස ලඟ තබාගෙන සිටින අලි ඇතුන් සඳහා බලපත්‍ර නිකුත් කිරීමට යෝජනා කර ඇති බවත් මේ හරහා සිදුවන්නේ වනඅලි ජාවාරම්කරුවන්ට ඉනිමං බැඳීමක් බවත් ඔහු පවසනවා.

නීතිවිරෝධී ගිනිඅවි භාවිතා කරමින් අපරාධ සිදු කරන පුද්ගලයන්ට අදාල නීතිවිරෝදී ගිනිඅවි සඳහා බලපත්‍ර නිකුත් කිරීමකට එය සමාන වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“මෙම ගැසට් පත්‍රයේ අරමුණ තමයි පළමුවෙන්ම අලි නීත්‍යානුකූල කරන්නත් ලියාපදිංචි නොකල අලි ලියාපදිංචි කිරීම. අපේ රටේ පාරම්පරිකව ගත්තොත් විහාරස්ථාන වල අලි සිටියා. දේවාල වල අලි සිටියා. ඒ වගේම යම් වංශවත් පවුල් ගාව තමන්ගේ වංශවත් භාවය පෙන්වීම වෙනුවෙන් මේ අලි ඇතුන් ඇති කළා.

මෙතන තිබෙන්නේ පෙරහැර පිළිබද ප්‍රශ්නයක් නෙවෙයි. අපේ සංස්කෘතීන් පිළිබද ප්‍රශ්නයකුත් නෙවෙයි. මෙතන පැහැදිලි වශයෙන් තිබෙන්නේ අලි ජාවාරම් පිළිබද ප්‍රශ්නයක්. අලුතින් වංශවත් භාවයට ඇතුලු වූ අය හිටියා. ඔවුන් කවුද. අරක්කු ෆැක්ටරි කාරයන්. ඒ වගේම තවත් මේකට පොලා පැනපු අය හිටියා විවිධ ටෙන්ඩර් සහ මගඩි හරහා එකතු කර ගන්න ධනය එකතු කර ගන්න පුද්ගලයන්. ඒ අයත් අර වංශවත් භාවට පොලා පැනපු අය.

ඒ වගේම තව අය හිටියා දේශපාලනයෙන් විශාල මුදල් සම්බාරයක් එක්රැස් කර ගත්ත අය. 2000න් පසු එවැනි විශාල කුලකයක් අපේ රටේ නිර්මාණය වුණා. ඔවුන් කුඩු ව්‍යාපාරිකයන්, අරක්කු ෆැක්ට්‍රිකාරයන්, බාර් හිමියන්, ටෙන්ඩර් යටිමඩි ගහන්නන් මෙවැනි නව ධනවත් කණ්ඩායමක් බිහිවුනා. ඒත් එම ධනයත් පුද්ගලයන්ට වංශවත් පවුල් සමග හීනමානයක් තිබුනා.

ඒ නිසා මේ අලුතින් පොලා පැනපු අයට අවශ්‍ය වුනා තමන්ගේ හීන මානය යටපත් කර ගැනීම වෙනුවෙන් අලියෙක් ඇති කරන්න. ඔවුන් රාජ්‍ය පාලනයට උපදෙස් ගන්නේ ඥාක්කාගෙන්. බෙහෙත් ගන්න යන්නේ ඒලියන්ත වයිට්ගෙන්. කෝවිඩ් වලට බෙහෙත් හොයන්නේ ධම්මික පැණියෙන්. ඔවුන් ධනය එක්රැස් කර ගත්තද කවදාවත් සංස්කෘතිකමය වශයෙන් මනස දියුණු පවුල් බවට පත්වුනේ නෑ.

අනිත් පැත්ත තමයි මේ අලියෙක් ලක්ෂ 100-150ට අලෙවි වෙන්න ගත්තා. ඒ නිසා මේ අලි මංකොල්ලය නිකන් සිදුවුනු දෙයක් නෙවෙයි. මේ මංකොල්ලය ඇති වෙන්නේ නැති වංශවත් ප්‍රතාපවත් භාවය ඇති කර ගැනීමට තමන්ගේ හීනමානය අත්පත් කර ගැනීමට අවශ්‍ය මෙවලමක් විදියට සහ ව්‍යාපාරයක් ලෙස. මේක අලි ජාවාරමක් වුනා.

ඒ නිසා මේ අලි ලියාපදිංචි කිරීම සඳහා ක්‍රමවේදයක් හදලා තිබුනා. 1991 පනත අනුව ලියාපදිංචි නොකල අලියෙක් සිටියා නම් ඔහු පොදු දේපලක්. දැන් මේ පනතින් දෙනවා ලියාපදිංචි නොකල අලියෙකුට ලියාපදිංචි කිරීම බලපත්‍රයක්. ලියාපදිංචි නොකල අලියෙක් කියන්නේ හොර අලියෙක්. දැන් මේකෙන් කරන්න හදන්නේ මේ අලි ජාවාරම්කරුවන්ට ඉනිමන් බැදීමක්. ඔවුන්ගේ ජාවාරම සාධාරනීකරණය කිරීමක්.”

RECENT ARTICLES - SINHALA

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...