32 C
Colombo
Friday, March 29, 2024

තලේබාන් සංවිධානය න්‍යෂ්ටික අවි අත්කරගැනීමේ අවදානමක් ඇති බවට අනතුරු ඇඟවීමක්

- Advertisement -

තලේබාන් සංවිධානය පකිස්තානය සතු න්‍යෂ්ටික අවි අත්කර ගැනීමේ අවදානම නොතකා හැරිය නොහැකි කරුණක් බව ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ආරක්ෂක උපදේශකයෙකු වන ජෝන් බෝල්ටන් පවසයි.

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ෂක උපදේශකවරයකු ලෙස කටයුතු කළ ජෝන් බෝල්ටන් මෙම අදහස් පළකර ඇත්තේ එර‍ට මාධ්‍ය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

තලේබාන් සංවිධානය ඉතා කෙටි කාලයක් තුළ ඉතා වේගයෙන් ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කරගත් බව ජොන් බෝල්ටන් පෙන්වා දෙනවා.

ඔහු සදහන් කරන්නේ තලේබාන්වරුන්ට හෝ ඔවුන්ගේ මතය දරන හිතවත් සංවිධානයකට මේ අන්දමට පකිස්තානය තුළ වුවද බලය තහවුරු කර ගැනීමට ඉඩ ඇති බව අමතක නොකළ යුතු බවයි.

එසේ වුවහොත් පකිස්තානය සතු න්‍යෂ්ටික අවි 150 ක් පමණ තලේබාන්වරුන් සතු විය හැකි බවට වන අවදානම බැහැර නොකරන ලෙස ජෝන් බෝල්ටන් ලෝකයෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...