32 C
Colombo
Friday, March 31, 2023

ඇමරිකානු චිත්‍රපට නිෂ්පාදකයා නිදහස් කරන ලෙස තලේබාන් සංවිධානයට බලපෑම්

- Advertisement -

ඇමරිකානු මාධ්‍යවේදියෙකු සහ ස්වාධීන චිත්‍රපට නිෂ්පාදකයෙකු වන අයිවෝ ෂියරර් සහ ඇෆ්ගනිස්ථාන නිෂ්පාදකයෙකු වන් ෆයිසුල්ලා ෆයිස්බක්ෂ් වහාම නිදහස් කර මාධ්‍යවේදීන් රඳවා තබා ගැනීම නතර කරන ලෙස ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන තලේබාන් සංවිධානය වෙත අවධාරණය කර තිබේ.

එක්සත් ජනපද ඩ්‍රෝන් ප්‍රහාරයකින් අල්-කයිඩා නායකයා අගෝස්තු මස මුලදී මිය ගිය කාබුල්හි දිස්ත්‍රික් 10 හි ෂර්පූර් ප්‍රදේශයේ අගෝස්තු 17 වන දින, ෂියරර් සහ ෆයිස්බක්ෂ් රූගත කිරීමක නිරතව සිටියදී තලේබාන් ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකු ඔවුන්ව නැවැත්වූ බව මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව පවසයි.

එහිදී තලේබාන් ආරක්ෂකයන් ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන ප්‍රශ්න කර ඔවුන්ගේ රැකියා බලපත්‍ර, හැඳුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර පරීක්ෂා කළ බවත්, පසුව ඔවුන් මාධ්‍යවේදීන්ගේ ජංගම දුරකථන සන්තකයට ගෙන, ඔවුන් රදවාගෙන තිබේ.

ඔවුන් ඇමරිකානු ඔත්තුකරුවන් ලෙස හැඳින්වූ තලේබාන් සාමාජිකයන්, පසුව තලේබාන් සන්නද්ධ බුද්ධි අංශ ක්‍රියාකාරීන් 50ක පමණ වෙත මොවුන්ව භාරදී ඇති අතර එම පිරිස ෂියරර් සහ ෆයිස්බක්ෂ්ගේ දෑස් බැඳ නාඳුනන ස්ථානයකට ගෙන ගොස් ඇති බව වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

අධිවේගී බස් ගාස්තු පහළට

ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීව අධිවේගී බස් ගාස්තු ද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, අදාළ ගාස්තු අද (මාර්තු 31)...

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...