තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ භාෂා ප්‍රතිපත්තිය වෙනස් කර තිබේ.
මෙතෙක් එරට තුළ නිල රාජ්‍ය භාෂා ලෙස පිළිගැනුණේ පෂ්තුන්, දාරි සහ උස්බෙක් යන භාෂා ත්‍රිත්වයයි.
එහෙත් තලේබාන් පාලනය උස්බෙක් භාෂාව නිල රාජ්‍ය භාෂා තත්වයෙන් ඉවත් කර තිබේ.
මෙය එරට උතුරු දිග ප්‍රාන්තවල වෙසෙන උස්බෙක් ජනවර්ගයට අයත් එම භාෂාව කතාකරන්නන් හට කළ බලවත් අසාධාරණක් බවට චෝදනා එල්ලවෙමින් පවතී.
එමෙන්ම එරට සුලුතර ජනවර්ගයක් ලෙස සැලකෙන හසාරාවරුන් සැලකිය යුතු සංඛ්‍යාවක් ද උස්බෙක් භාෂාව භාවිතා කරන්නන් බවත් මෙය ඔවුන්ට එරෙහිව සිදුකළ වෙනස් කොට සැළකීමක් ලෙසත් ප්‍රකාශ වී තිබේ.