30 C
Colombo
Tuesday, April 16, 2024

තලේබාන් පාලනය යටතේ මාධ්‍ය නිදහස වලපල්ලට

- Advertisement -

තලෙයිබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්තානය තුළ මාධ්‍ය නිදහසට තර්ජන එල්ල වී තිබෙනවා.

මාධ්‍යවේදීන් සහ මාධ්‍යවේදිනියන් ගිනිඅවි පෙන්වා බිය ගන්වා ඔවුන් පැහැරගෙන ගොස් පහරදී වධහිංසා පැමිණවීම් හා රදවා ගැනීමේ සිද්ධීන් රැසක් සම්බන්ධයෙනුයි තලෙයිබාන් සංවිධානයට චෝදනා එල්ල වී ඇත්තේ.

එමෙන්ම තලෙයිබාන් සංවිධානයේ තුවක්කුකරුවන් විසින් මාධ්‍යවේදිනියන්ට පහර දී ඔවුන් බියගන්වා වෙනත් රැකියාවලට බදවා ගැනීමට උත්සහ කිරීමේ සිද්ධීන් ද ඇෆ්ගනිස්තානයෙන් වාර්තා වනවා.

ඉකුත් වසරේ අගෝස්තු මාසයේදී තලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තානයේ පාලන බලය අල්ලා ගැනීමෙන් අනතුරුව එරට තුළ භාෂණයේ නිදහස බරපතල ලෙස උල්ලංඝනය වී තිබෙනවා.

ඉකුත් වසරේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා ඇෆ්ගනිස්තානයේ මාධ්‍ය ක්ෂේත්‍රයේ නිරත වූ පුද්ගලයින්ගෙන් සියයට 45 ක් පමණ සිය රැකියා හැර ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

Breaking : හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා මියගොස් තිබෙනවා. පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ නිවසේ දී විදුලි පරිපථ දෙකක් අමුනන්න ගිය අවස්ථාවේ දී විදුලි සැර...

කම්හල් විසිදාහක් කම්කරු අංශයට පොලු තියලා

දිවයින පුරා කර්මාන්තශාලා විසි දාහකට වැඩි සංඛ්‍යාවක් කම්කරු දෙපාර්තමේන්තුවට ලියාපදිංචි ගාස්තු ගෙවීම පැහැර හැර තිබෙන බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වනවා. දිස්ත්‍රික්...

ත්‍රිරෝද රථ අනතුර‍කින් එකම පවුලේ 7කට තුවාලයි

පොල්ගහවෙල, හොදැල්ල ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් අනතුරට ලක් වීමෙන් එකම පවුලේ 07 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊට ළමයි 04 දෙනෙකුත් ඇතුළත් බවයි වාර්තා වන්නේ....

POPULAR ARTICLES

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

ප්‍රතිප්‍රහාර එපා, ඉරානය යළිත් අනතුරු අඟවයි

මැද පෙරදිග යුද ගැටුම් තවදුරටත් තීව්‍ර කරමින් ඉරානය විසින් ඊයේ (13) රාත්‍රියේදී ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණා. මේ අතර මෙම...