තලේබාන් සංවිධානය බදාදා දකුණු ඇෆ්ගනිස්ථානයේ කන්දහාර්හි (Kandahar) හි පැවති විජයග්‍රාහී සැමරුමක් අතරතුර ඇමෙරිකාවේ නිෂ්පාදිත සන්නද්ධ වාහන සිය ගණනක් සහ අලුතින් අල්ලා ගත් ආයුධ පෙළපාලියක රැගෙන ගොස් ඇතැයි වාර්තා වෙනවා.
සමාජ මාධ්‍ය වල ප්‍රකාශයට පත් කරන ලද වීඩියෝපට ඔස්සේ තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තානය සහ එක්සත් ජනපද හමුදාව විසින් අත්හැර දැමූ සන්නද්ධ උපාංග වලින් සන්නද්ධ වී ඇති ආකාරය පෙන්නුම් කෙරිණි.
සුදු තලේබාන් කොඩි එසවූ (Humvees,SUVs) වැනි ඇමරිකානු සන්නද්ධ රථ සටන්කරුවන් විසින් පෙළපාලියේ රැගෙන ගියා. එම බොහෝ රථ නියම තත්ත්වයේ පවතින ආකාරය දකින්නට ලැබුණා.
තලේබාන් සංවිධානය විසින් මෑතකදී අල්ලා ගත් බ්ලැක් හෝක් (Black Hawk) හෙලිකොප්ටරයක් ද පෙළපාලි අතරතුර ගුවනේ සංදර්ශනයක් පවත්වන ආකාරය මෙහිදී දැකගත හැකිවුණා.
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ඇතැම් වීඩියෝ පටවල, සටන්කාමීන් එක්සත් ජනපද විලාසිතාවේ නිල ඇඳුමින් සැරසී, එක්සත් ජනපදයේ නිෂ්පාදිත ආයුධ අතැතිව, සීඑච් -46 සී නයිට් හෙලිකොප්ටරයක් පරීක්ෂා කරන ආකාරය දක්නට ලැබුණා.
තවත් වීඩියෝපටයක දක්නට ලැබුණේ ඇෆ්ගන් ගුවන් හමුදාවට අයත් ගුවන් යානා සහ හෙලිකොප්ටර් වල නියමු කුටියේ වාඩි වී තලේබාන් සටන්කාකාමීන් ඡායාරූපවලට පෙනී සිටින ආකාරයයි.
මේ අතර අතහැර දැමූ ගුවන් යානයක් පරීක්ෂා කරන තලේබාන් සටන්කාමීන්ගේ “මෙම ඡායාරූප ගැන ඔහු වැඩි සැලකිල්ලක් නොදක්වන” බව පෙන්ටගනයේ මාධ්‍ය ලේකම් ජෝන් කර්බි අඟහරුවාදා CNN වෙත ප්‍රකාශ කරනු ලැබුවා.
“ඔවුන්ට අවශ්‍ය සියල්ල පරීක්ෂා කළ හැකියි.ඔවුන්ට ඒවා දෙස බැලිය හැකියි. ඔවුන්ට එහා මෙහා ඇවිදිය හැකියි.නමුත් ඔවුන්ට ඒවා පියාසර කළ නොහැක. ඒවා ක්‍රියාත්මක කළ නොහැක.” යනුවෙන් කර්බි පවසා තිබුණා.
එක්සත් ජනපද හමුදාව විසින් “ගුවන් තොටුපලේ ඇති සියලුම ආම්පන්න,සියලු ගුවන් යානා, සියලු වාහන” භාවිතයට ගත නොහැකි ලෙස සකස් කර ඇති බවයි කර්බි පැවසුවේ.