25 C
Colombo
Friday, March 29, 2024

ඇෆ්ගනිස්තානයේ සිට ක්‍රියාත්මක මහා අවි ජාවාරමක් හෙළිවේ

- Advertisement -

ඇෆ්ගනිස්ථානයේ හිටපු ආරක්ෂක නිලධාරීන් භාවිත කළ සහ ඇමරිකානු හමුදා විසින් අත්හැර ගිය අවි ආයුධ වර්තමාන තලිබාන් ආරක්ෂක නිලධාරීන් විසින් පාකිස්තානයට අලෙවි කරන ජාවාරමක් ක්‍රියාත්මක බව වාර්තා වේ.

ඇෆ්ගන්- පාකිස්තාන දේශ සීමා වෙත රැගෙන එන අවි ආයුධ පළතුරු පිරවූ ලොරි රථ තුළ සඟවා දේශ සීමාව පසුකර පාකිස්තානයට තුළට රැගෙන එන බව සදහන් වේ.

කාබුල්හි පාලනය අත්පත් කරගැනීමෙන් අනතුරුව එරට දේශපාලන බලය තහවුරු කරගැනීමට අතිරේකව අවි ආයුධ ලබාගැනීමට වැඩි උත්සාහයක් පැවතුණ බව ද පැවසේ.

එම අවි ආයුධ එරට විවෘත වෙළෙඳපොළ තුළ අලෙවියට යොමුකර ඇති බව ද සදහන් වේ.

ෙමේ අතර දකුණු දිග කන්දහාර් පළාතේ සඟවා තිබී අවි ආයුධ හා උණ්ඩ තොගයක් තලිබාන් ආරක්ෂ විසින් සොයාගෙන තිබිණි.

ඒවා විනාශ කර දැමීමට සූදානම්කර තිබුණද ගිනි නිවන අංශ විසින් මෙම ආයුධ තොගය තමන් යටතට ගෙන තිබූ බවට විශ්වාස කෙරේ.

ඒ අතර ඒ.කේ. 47 වර්ගයේ තුවක්කු, පිස්තෝල, ඒවාට භාවිත කරන උණ්ඩ මෙන්ම භූගතව සඟවා තිබූ ගුවන් යානා නාශක අවි තොගයක්ද තිබී ඇත.

ඇෆ්ගන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු වන මල්ලා අබ්දූල් චානි හක්බින් උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කර ඇත්තේ නීති විරෝධී ලෙස අවි ආයුධ රඳවාගෙන සිටි පුද්ගලයන් තිදෙනකු ද පසුගිය ඉරිදා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් බවයි.

මෙවැනි තත්ත්වයක් උද්ගතව ඇත්තේ රට තුළ නීතියේ පාලනය තහවුරු කිරීම උදෙසා තලිබාන් පරිපාලනය විසින් පුද්ගලයන් සතුව පවතින අවි ආයුධ එක්කාසු කිරීමට කිසිදු උත්සාහයක් නොගැනීම හේතුවෙන් යැයි එරට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු ප්‍රකාශ කර තිබිණි.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...