30 C
Colombo
Monday, March 20, 2023

ඇෆ්ගනිස්ථානයේ යූටියුබ්කරුවකුට තලේබාන් සාමාජිකයන් වෙතින් කෲර වධ හිංසා

- Advertisement -

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ යූටියුබ්කරුවකු වන අජ්මාල් හකිකි සහ ඔහුගේ කණ්ඩායමට වධ හිංසා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල බහුලව සංසරණය වෙමින් පවතී.

ප්‍රාදේශීය මාධ්‍ය පවසන පරිදි තලේබාන් සාමාජිකයන් විසින් මෙම පහරදීම විනෝදය සඳහා සිදුකර එය රූගත කර අදාළ වීඩියෝව එකිනෙකා අතර හුවමාරු කර ගෙන තිබේ.

ඔවුන් විසින් අජ්මාල් හකිකි සහ ඔහුගේ කණ්ඩායමට පොලුවලින් අමානුෂික ලෙස පහර දෙන අයුරු වීඩියෝ අදාළ වීඩියෝ පටවලින් නිරෑපණය වේ.

හකිකි ගේ සගයෙකු වන ගෝලම් සකී, හකිකිගේ යූ ටියුබ් නාලිකාව විසින් පළ කරන ලද වීඩියෝවක කුරානයේ වාක්‍යයන් හාස්‍යජනක හඬින් කියවමින් නටන අයුරු දැක්වෙන බව කාම්මා පුවත් සේවය වාර්තා කර තිබේ.

තලේබාන් සංවිධානයේ සාමාන්‍ය බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අජ්මාල් හකිකි සහ ඔහුගේ සගයන් තිදෙනා දේව අපහාස චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බව ද මාධ්‍ය වාර්තා කර තිබේ.

RECENT ARTICLES - SINHALA

වසන්ත මුදලිගේ ෂැන්ග්‍රිලා ගියාද? ඇත්ත මෙන්න

0
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ මහතා සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

පොර්ට් සිටියේ සංගීත ප්‍රසංගයකදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කරලා

කොළඹ වරාය නගරයේ පවත්වන ලද සංගීත ප්‍රසංගයට සහභාගී වූ 24 හැවිරිදි තරුණ ව්‍යාපාරිකයකුට පහර දී ඝාතනය කර තිබෙනවා. පොලීසිය...

ඩොලර් එක 185 වෙනවා – රනිල්

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එකඟතාවයට පැමිණීමෙන් පසු ඩොලරයේ අගය රුපියල් 200 හෝ 185 දක්වා ක්‍රමයෙන් පහළ බසිනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

RECENT ARTICLES - ENGLISH

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.

Breaking: ICC issues arrest warrant for Putin on war crime allegations

0
The International Criminal Court (ICC) has issued an arrest warrant for Russian President Vladimir Putin over alleged war crimes in Ukraine.