28.4 C
Colombo
Friday, April 26, 2024

තලේබාන්ලා කාබුල් හි සීක් දේවස්ථානයකට කඩා වදිති

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පිහිටි සීක් දේවස්ථානයක් වෙත කඩා වැදුණු සන්නද්ධ තලේබාන් සාමාජිකයන් පිරිසක් එයට හානි පමුණුවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දේවස්ථානය තුළ පිහිටි පූජනීය ග්‍රන්ථ ගබ‍ඩා කර තිබූ ස්ථානයට මෙන්ම තවත් පූජනීය ස්ථාන හා වස්තු රැසකට මෙම පිරිස හානි සිදුකර ඇති බව සීක් ආගමික නායකයන් පිරිසක් සදහන් කර ඇත.

එම අවස්ථාවේ සීක් දේවස්ථානය තුළ රැදී සිටි සීක් ආගමිකයන් විශාල පිරිසක් ද තලේබාන් සාමාජිකයන් විසින් පැහැරගෙන ගොස් ඇති බව එරට වාර්තා සදහන් කරයි.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීමත් සමග එරට තුළ ජීවත්වන සීක්වරුන්ට විවිධ හිරිහැරවලට මුහුණ පාන්නට සිදුව ඇති අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ සීක් දේවස්ථාන රැසකට ද ඔවුන් විසින් මේ වන විට හානි සිදුකර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...