31 C
Colombo
Saturday, April 20, 2024

තලේබාන්වරු විශ්වාස නොකරන බව ඇමරිකාව කියයි

- Advertisement -

ඇෆ්ගනිස්තාන භුමිය අල්කයිඩා සංවිධානයේ ක්‍රියාකාරකම් සදහා යොදාගැනීමට ඉඩ ලබා නොදෙන බව තලේබාන් සංවිධානය ප්‍රකාශ කර ඇතත්, තමන් එය විශ්වාස නොකරන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසයි.

ඔහු මෙම අදහස් පළකර ඇත්තේ අල්කයිඩා සංවිධානය තවදුරටත් ඇෆ්ගනිස්තානය තුළ ක්‍රියාත්මක බවට ඇමරිකානු සීඅයිඒ වාර්තාවක් මගින් කරුණු හෙළිකිරීමත් සමගය.

යම් හෙයකින් ඇෆ්ගනිස්තානය තුළ සිදුවන අල්කයිඩා ක්‍රියාකාරකම් ඇමරිකාවට තර්ජනයක් වුවහොත් තලේබාන් සංවිධානය එහි වගකීම භාරගත යුතු බවද ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා අවධාරණය කර තිබේ.

මේ අතර සීඅයිඒ සංවිධානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩේවිඩ් කොහෙන් සදහන් කර ඇත්තේ ඇෆ්ගනිස්තානය තුළ සිදුවන අල්කයිඩා සංවිධානයේ නව ක්‍රියාකාරකම් කිහිපයක් සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයෙන් සිටින බවයි.

RECENT ARTICLES - SINHALA

කැබ් රථයක් විදුලි කණුවක ගැටීමෙන් දෙදෙනෙකුට තුවාල

මොරගහකන්ද - මාරගමුව ප්‍රදේශයේ දී කැබ් රථයක් අධි බැලැති විදුලි කණුවක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඇළහැර නාවුල ප්‍රධාන මාර්ගයේ සිදුවු මෙම අනතුරෙන්...

ශ්‍රි පාද ආරක්ෂිත වැටෙන් පැන්න තරුණයා සොයා මෙහෙයුම්

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයෙක් ශ්‍රී පාද උඩ මළුවේ රත්නපුර මාර්ගයේදී ආරක්ෂිත වැටෙන් පහලට පැන අතුරුදන් වී ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසනවා. මෙලෙස ශ්‍රී පාද...

කල්පිටියේ දූපත් පහකින් රජයට කෝටි 6ක පොල්ලක්

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් 5 දෙනෙකු රුපියල් කෝටි 6කට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි වාර්තා වනවා. මෙම බදු මුදල් අයවීමට නියමිතව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...