පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඇෆ්ගනිස්ථානය අත්පත් කර ගැනීමෙන් පසු තලේබාන් පාලනතන්ත්‍රය විසින් සුළු ජාතීන් ආරක්ෂා කරන බවට ලෝකයට ලබා දුන් සහතිකය ඇෆ්ගනිස්ථානයේ සුළුතර ආධිපත්‍ය සහිත ප්‍රදේශවල සිදුවන ප්‍රහාර මාලාවන් සමඟ බිඳ වැටී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය දින කිහිපය තුළ ඇෆ්ගනිස්ථානය පුරා එල්ල වූ ප්‍රහාර මාලාවෙන් ළමුන් ඇතුළු අවම වශයෙන් පුද්ගලයන් 77 දෙනෙකු මිය ගිය බව ෆ්‍රොන්ටියර් පෝස්ට් වාර්තා කළේය.
මෙම ප්‍රහාර හේතුවෙන් තලේබාන් සංවිධානයට ඇෆ්ගනිස්ථාන ජනතාව, විශේෂයෙන් සුළු ජාතීන් ආරක්ෂා කළ හැකි බවට පවතින සැකය තවදුරටත් වැඩි කරන බව එම වාර්තාව පෙන්වා දෙයි.
පසුගිය අඟහරුවාදා කාබුල් අගනුවර පිහිටි අබ්දුල් රහීම් ෂහීඩ් උසස් පාසලේ සහ මුම්ටාස් අධ්‍යාපන මධ්‍යස්ථානය ආසන්නයේ ද්විත්ව බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර එහි දී අවම වශයෙන් පුද්ගලයන් 6 ක් මියගොස් 17 දෙනකුට තුවාල සිදුවූ අතර හානියට පත් පිරිස අතර පාසල් සිසුහු ද වූහ.