තිස් අවුරුදු යුද්ධය අවසන් වී වසර 12 ක් ගෙවෙන ඊයේ (18) දිනයේ යුද්ධයෙන් මියගිය උතුරු – නැගෙනහිර වැසියන්ව සිහිපත් කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙමළ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී සැමරීමේ උත්සවයක් පවත්වා තිබෙනවා.
මෙම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් වන එම්. ඒ සුමන්තිරන්, ශානකියන් රාසමානික්‍යම්, සෙල්වම් අඩෙයිකලනාදන්, ගෝවින්දන් කරුණාකරම්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, චාල්ස් නිර්මලනාදන් ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහභාගීවී සිටියා.



