ශ්‍රී ලංකා මැදිදුර ධාවන ශූරී තරුෂි කරුණාරත්න, ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ මීටර 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට අද (02) සහභාගී වීමට නියමිතයි.
ඒ, ඔලිම්පික් මලල ක්‍රීඩා ඉසව්වලදී මුලින්ම තරග බිමට පිවිසෙන ලාංකීය ක්‍රීඩිකාව ලෙසයි.
ක්‍රීඩිකාවන් 50 දෙනෙකු නිර්දේශ වී සිටින මෙම ඉසව්වේ මූලික වටය තරග හයකින් සමන්විතවන අතර, තරුෂි එහි හයවන තරගයට සහභාගී වනවා.
එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11.15ට ආරම්භ වනවා.