32 C
Colombo
Friday, March 29, 2024

දියවන්නා ඔයේ දුගඳ මඩින්න කාර්ය සාධක බලකායක්

- Advertisement -

දියවන්නා ඔයේ අසාමාන්‍ය ලෙස ඇල්ගී වර්ධනයවීම සම්බන්ධව සොයාබැලීම සඳහා කාර්ය සාධක බලකායක් පත් කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මේ සතියේ ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙලෙස ඇල්ගී වර්ධනය වුවහොත් ඉදිරියේදී ඔය අයහපත් තත්ත්වයට පත්වීමේ අවදානමක් පවතින අතර පාර්ලිමේන්තු සංකීර්ණය ඇතුළු අවට පරිසරය තුළ දැඩි දුර්ගන්ධයක් ඇතිවීමේ තත්ත්වයක් ද හටගත හැකි බව මේ වන විටත් විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා විශේෂඥ දැනුමක් සහිත කාර්ය සාධක බලකායක් පත් කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සකස් කර අවසන් කර ඇති බව පරිසර අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මීළඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් දියවන්නා ඔයේ ගැටළුව වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...