29 C
Colombo
Wednesday, July 17, 2024

ටේලර් ස්විෆ්ට්ගේ රාජකීය සෙල්ෆිය

- Advertisement -

ලන්ඩන් නුවර පැවැත්වුණු ලෝ ප්‍රකට ඇමෙරිකන් පොප් ගායිකා ටයිලර් ස්විෆ්ට්ගේ ප්‍රසංගයක් නැරඹීම සඳහා  බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුද සහභාගී වී තිබෙනවා.

මෙම ප්‍රසංගය සඳහා  විලියම් කුමරු සමඟ ඔහුගේ දස හැවිරිදි පුතු ජෝර්ජ් සහ නව හැවිරිදි දියණිය චාලට් එක්ව ඇති බව වාර්තා වෙනවා.

ප්‍රසංගයට පෙරාතුව ගායිකා ටයිලර් ස්විෆ්ට් හමුවීමට ඔවුන්ට ඉඩක් ලැබුණු අතර ඇය සමඟ සෙල්ෆි ඡායාරූපයකට ඔවුන් පෙනී සිටීමට අමතක කර නැහැ.

Kensington Palace, X සමාජ මාධ්‍ය තුළ මෙම ඡායාරූපය පළ කරමින් රාජකීය පවුල ඉතා සුන්දර සැන්දෑවක් ගත කළ බවත් ඒ සම්බන්ධයෙන් ගායිකා ටේලර් ස්විෆ්ට් හට ස්තූතිවන්ත වන බවත් සටහන් කර තිබුණා.

විලියම් කුමරුන්ගේ 42 වැනි උපන් දිනය ජූනි 21 වැනිදාට යෙදී තිබු අතර, ඔවුන් මෙම ප්‍රසංගය නැරඹීමට ගොස් තිබුනේ එදිනයි.

RECENT ARTICLES - SINHALA

ප්‍රතික්‍රීයක හිඟයෙන් වෛද්‍ය පරීක්ෂණ රැසක් නැවතිලා

වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් ප්‍රතික්‍රීයක සහ අවශ්‍ය රසායන ද්‍රව්‍ය ලබා නොදීම හේතුවෙන් රෝගීන්ට අත්‍යවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ රැසක් දීර්ඝ කාලීනව නවතා දමා ඇති බව සෞඛ්‍ය...

පොහොර මිල ලොකු ගාණකින් අඩු වෙයි

රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන පොහොර වර්ග 5ක මිල ගණන් අද (17) සිට අඩු කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පොහොර සමාගම දැනුම්දී තිබෙනවා. එම...

සිව් හැවිරිදි දැරියගේ සිරුර ළිඳකින් හමුවෙයි

රුවන්වැල්ල,  කිරිපෝරුව ප්‍රදේශයේ ළිඳක් තුළ තිබී දැරියකගේ මළ සිරුරක් හමුව තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ  සිව් හැවිරිදි, දෙව්මි අමායා නැමැති කුඩා දැරියක්. එමෙන්ම ඇගේ කථනාබාධිත මවද සිහිසුන්ව...

POPULAR ARTICLES

මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නෙවෙයි – සනත් නිශාන්තගේ බිරිඳ(වීඩියෝ)

රටේ තිබු යුද්ධය නැති කළ නායකයා මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නොවන බව සනත් නිශාන්ත මහතාගේ බිරිඳ චමරි ප්‍රියංකා මහත්මිය පවසනවා. ඇය මේබව කියා සිටියේ...

සඳුදා යළිත් පාසැල් වැසෙන ලකුණු

සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව, ඔවුන් සඳහන් කළේ ලබන සඳුදා (22)...

සෞන්දර්ය විෂයයන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

සෞන්දර්ය විෂයයන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව සෞන්දර්ය විෂයයන් සාමාන්‍ය අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයක් බවයි. කණිෂ්ඨ, ද්විතීයික අධ්‍යාපනයේ...