30.4 C
Colombo
Wednesday, April 24, 2024

පොහොර නැතිව තේ අස්වැන්න අඩුවෙලා – ඇමති රමේෂ් පතිරණ

- Advertisement -

පොහොර නොලැබීම හේතුවෙන් තේ අස්වැන්නේ අඩුවක් සිදුව ඇති බව සත්‍යයක් යැයි වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

ඊයේ (19) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ ඉකුත් අගෝස්තු මාසයේ අස්වනු ගැටලුවක් සිදුවූයේ නැතත් මේ මාසයේදී අස්වැන්නේ ක්‍රමානුකූල අඩුවක් සිදුවී ඇති බවයි.

මේ වන විට අවශ්‍ය පොහොර ගෙන්වා බෙදාහැරීමට කටයුතු කරගෙන යන බැවින් අධෛර්යමත් නොවී වගාකටයුතුවල නිරත වන්නැයි තේ වැවිලිකරුවන්ගෙන් මෙන්ම සෙසු ගොවීන්ගෙන්ද තමන් ඉල්ලා සිටින බව රමේෂ් පතිරණ මහතා මෙහිදී සදහන් කළා.

ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය ගුණාත්මකභාවයෙන් ඉහළ නැංවමින් වගාව ප්‍රවර්ධනයන කිරීමට රජය පියවර රැසක් ගෙන ඇති බවත් වගාව දියුණු කිරීම මිස ආපසු හැරවීමට කටයුතු නොකරන නිසා රජය පිළිබදව විශ්වාසය තබාගෙන කටයුතු කරන්නැයි මෙහිදී ඉල්ලා සිටියා.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව අමතමින් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කළේ කාබනික වගාවට යොමුවීම සම්බන්ධයෙන් රජය මුරණ්ඩු ප්‍රතිපත්තියක නැති බවයි.

මෙය හොඳ ප්‍රතිපත්තියක් වුවද ඉලක්කය කරා යාමට යම් කාලයක් ගතවනු ඇති බවත්, රජය අවශ්‍ය සෑම තැන්වලම පියවරක් පසුපසට ගැනීම පසුබෑමක් නොවන බවත් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් සඳහන් කළා.


RECENT ARTICLES - SINHALA

රනිල්ට අභියෝගය රනිල්ම තමයි-රවී

මොන කයිවාරුව ගැහුවත් රට ගොඩ ගැනීමේ අභියෝගය භාර ගැනීමට සිටියේ එක පුද්ගලයෙක් බවත් මේ වන විට ජනතාවට එය පෙනෙන්නට ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ...

බෝ අත්තක් කොළඹ ප්‍රධාන මාර්ගයකට වැටී අනතුරක්

කොළඹ සංඝරාජ මාවත අසළ පිහිටි විහාරයක බෝ ගසක අත්තක් කඩාවැටීමෙන් මීට සුළු මොහොතකට පෙර අනතුරක් සිදුව තිබෙනවා. ශ්‍රී සංඝරාජ බෝධිමළු විහාරයේ බෝ ගසේ අත්තක් මෙලෙස...

කරාපිටියට අති නවීන CT ස්කෑන් යන්ත්‍රයක්

කරාපිටිය ශික්ෂණ රෝහලේ අලුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 220ක වටිනාකමකින් යුතු CT ස්කෑන් යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සඳහා එක්කිරීම අද (24) සිදු කෙරුණා. ඒ සෞඛ්‍ය...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...