භාණ්ඩ මිල තීරණය කරන්නේ තමන් විසින් නොව ජාත්‍යන්තරය විසින් බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.
ජාත්‍යන්තර වෙළඳපොළේ භාණ්ඩ මිල වැඩිවන විට දේශීය වෙළඳපොළේ භාණ්ඩ මිල අඩුවෙන් පවත්වා ගන්නා ආකාරය පිළිබඳව දත් කිසියම් ‘ආර්ථික ඔස්තාර්වරයෙකු’ සිටී නම් එය තමන්ටත් කියාදෙන ලෙසයි අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ.
“ගෑස් මිල ගත්තොත් අපේ රටෙන් නෙවෙයි ගෑස් මිල තීන්දු වෙන්නෙ. තෙල් මිල ගත්තොත් අපේ රටෙන් නෙවෙයි ඒකෙ මිල තීන්දු වෙන්නෙ. කිරිපිටි ගත්තොත් අපේ රටෙන් නෙවෙයි ඒකෙ මිල තීන්දු වෙන්නෙ. සිමෙන්ති ගත්තත් ඒකෙ වැඩි බහුතරයක් තීන්දු වෙන්නෙ ජාත්‍යන්තරය තුළ.
එතකොට ඒ නිසා ජාත්‍යන්තරයේ මිල ඉහළ යනකොට අපට සිද්ධ වෙනවා මේ භාණ්ඩවල මිල ඉහළ යෑමක් වෙන්න. ඒක තමයි යතාර්ථය. කවුරුහරි මේ ආර්ථික ඔස්තාර් මහත්තයෙකුට කියලා දෙන්න කියන්න ජාත්‍යන්තරයේ මිල වැඩිවෙන භාණ්ඩවල ලංකාවෙ මිල අඩු කරන ක්‍රමේ”