32 C
Colombo
Friday, March 29, 2024

ගුරුවරුන්ව මෙහෙයවන්නේ කාලකණ්නි කණ්ඩායමක් – කෙහෙළිය

- Advertisement -

මෙවැනි අවස්ථාවක සේවයෙන් ඉවත්වීම සඳහා ගුරුවරුන්ව මෙහෙයවනේ ‘කාලකණ්නි’ කණ්ඩායමක් බවට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ මාර්ගගත ඉගැන්වීම් වලින් ගුරුවරුන් ඉවත් වීම සහ එසේ ඉවත්වීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

‘කාලකණ්නි’ යන වචනය භාවිතා කිරීම සම්බන්ධයෙන් සමාව ඉල්ලන නමුත් රට පත්ව ඇති තත්වය නොසලකා මෙවැනි ක්‍රියාවන් සිදු කරන පුද්ගලයන් හට එසේ ආමන්ත්‍රණය කිරීමට සිදුවන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එමෙන්ම, කොතලාවල පනතට එරෙහි විරෝධතා සියල්ල සිදුවන්නේ නිරෝධායන නීතිරීතීන් උල්ලංඝණය කරමින් බවත් ඔවුන් සිදුකළ යුතුව තිබුණේ අධිකරණමය ක්‍රියාමාර්ගයකට යාම බවත් ඔහු පවසනවා.

බස් වල යාම ඇතුළු වැරදි සිදු කරන්නේ ජනතාවම බවත් කෙසේ වෙතත් 43ලක්ෂයක සිසුන් අපහසුතාවයට පත්කරමින් මෙලෙස කටයුතු කිරීමද වැරදි සහගත බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...