31 C
Colombo
Friday, April 19, 2024

වැටුප් ඉල්ලා ගුරුවරුන් සත්‍යාග්‍රහයක

- Advertisement -

වසර විසි හතරක් පුරා පවතින ගුරු විදුහල්පති වැටුප් ගැටලුව විසඳීමට ජනපති සහ මුදල් අමාත්‍යවරයා වහාම මැදිහත් විය යුතු බව පවසමින් ශ්‍රී ලංකා රජයේ ගුරුවන්ගේ සංගමය නියෝජනය කරන ගුරුවරුන් පිරිසක් ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මේ වන විට අඛණ්ඩ සත්‍ය ග්‍රහයක් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ වන විට අදාළ වැටුප් විෂමතාව විසඳා ගැනීම වෙනුවෙන් පවත්වා ඇති සියලුම සාකච්ඡා අසාර්ථක වී ඇති බවත් අතිගරු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වහාම මැදිහත් වී ගැටලුව විසඳුමක් ලබා දෙන තෙක් අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වීමට කටයුතු කරන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් ෂෙහාන් දිසානායක මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළා.

අඛණ්ඩ සත්‍ය ග්‍රහය ආරම්භ කරමින් ඒ මහතා මෙසේ ද සඳහන් කළා.

“ගුරුවරුන්ට හැමදාම මහපාරේ අරගල කරන්න බැහැ.මේ රටේ දරුවන්ට උගැන්වීමට අපි කටයුතු කළ යුතුයි.ඒ නිසා අපි මේ රටේ ප්‍රධාන පුරවැසියා වශයෙන් අතිගරු ජනාධිපතිවරයාගෙන් මෙන්ම මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ වහාම මේ ගැටලුව ඔබේ අතට ගන්න.කරුණාකරලා ගුරුවරු මේ විදියට මහ පාරට ඇදල දාන්න එපා”

ගුරු සංගම් සහ පක්ෂ භේද නොසලකා ගුරු විදුහල්පති ගැටලුව විසඳීමේ එකම අරමුණ වෙනුවෙන් සියලුම ගුරුවරු නියෝජනය කරමින් මෙම සත්‍ය ග්‍රහය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා වැඩි දුරටත් පවසනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

රනිල්ට තනතුරක් ඕනනම් සජබෙට සහය දෙන්න

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන්නේ නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තනතුරක් ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීමක් සිදුකළ හැකි බව සමගි ජන...

වසර 34කට පසුව කොටු වූ ඝාතකයා

වසර 34ක් පුරා අධිකරණය මඟහැර සැඟවී සිටි අපරාධකරුවෙකු ඊයේ (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන...

ශ්‍රීලනිප අභ්‍යන්තර ගැටලු විසදන්න අපිට බලයක් නැහැ- මැතිවරණ කොමිෂන් සභාව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පවතින අභ්‍යන්තර ගැටලු විසදීමට සිය කොමිසමට කිසිදු නෛතික බලයක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙනවා. එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...