33 C
Colombo
Tuesday, March 19, 2024

ගුරුවරියෝ අදින්න ඕනේ සාරියම තමයි – ඇමති සුසිල්

- Advertisement -

කොවිඩ් වසංගත සමයේ දී රාජ්‍ය සේවකයින්ට පහසු ඇඳුමකින් සේවයට වාර්තා කිරීමට නිකුත් කළ චක්‍රලේඛය ගුරුවරුන්ට අදාළ නොවන අතර, එය සංශෝධනය කරන්නැයි රාජ්‍ය පරිපාලන ලේකම්වරයාට උපදෙස් ලබාදුන් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් ඊයේ (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ පෙරේදා (21) දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ගුරුවරියන්, සාරිය සහ ඔසරිය ඇදීම වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසී පාසල් වෙත පැමිණ තිබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර පෙරේදා දිනයේදී ප්‍රදේශ කිහිපයක ගුරුවරියන් පහසු ඇදුමකින් පාසල් පැමිණ තිබීම සම්බන්ධයෙන් ඊයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අවධානය යොමුවුණා.

එහිදී වැඩබලන කැබිනට් ප්‍රකාශක සහ වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර එහිදී ප්‍රකාශ කළේ එලෙස පහසු ඇඳුමකින් පාසලට පැමිණි ගුරුවරු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් අනිවාර්යෙන් විනය ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බවයි.


RECENT ARTICLES - SINHALA

සිංහරාජයේ සිටි එක අලියෙක් අතුරුදන්

දැනට වසරක පමණ කාලයක සිට සිංහරාජය වනාන්තරය ආශ්‍රිතව ජීවත්වන අලින් දෙදෙනාගෙන් දැනට නිරීක්ෂණය වන්නේ එක අලියකු පමණක් බව වාර්තා වෙනවා. පසුගියදා පැවති කලවාන සම්බන්ධිකරණ කමිටු...

රෝහිත නිසා කෝප් එකෙන් තව මන්ත්‍රීවරයෙක් අයින්වෙලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතාද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වූ බව සදහන් කරමින් ඔහුගේ නිල X ගිණුමේ සටහනක් තබා තිබෙනවා. මන්ත්‍රීවරයා එහි...

රෝහිතව සභාපති කළාම කෝප් කමිටුව තවත් හෑල්ලු වුණා – නලින් බණ්ඩාර (වීඩියෝ)

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුනවර්ධන කෝප් කමිටුවේ සභාපතිත්වයට පත්කිරීමෙන්  කෝප් කමිටුව තව තවත් හෑල්ලුවට ලක් වු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා. ඔහු කියා සිටින්නේ දැනටමත්...

POPULAR ARTICLES

ඩොලරය තවදුරටත් පහළට

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (18) දිනයේ ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, අද දිනයේ මහජන බැංකුවට...

ඩොලරය තවදුරටත් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (15) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 300.60ක් ලෙසත්...

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරඟය මෙතනින් නරඹන්න (වීඩියෝ)

සංචාරක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (18) මේ වන විට පැවැත්වෙනවා. තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය මේ වනවිට...