27.8 C
Colombo
Thursday, July 17, 2025

ආණ්ඩුවට විරෝධය පා ඔන්ලයින් ඉගැන්වීම්වලින් ගුරුවරු ඉවත්වෙයි

- Advertisement -

අද (12) සිට සියලුම ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින් ගුරුවරුන් ඉවත්වන බව ගුරු වෘත්තීය සංගම් සදහන් කරනවා.

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සඳහන් කරන්නේ ගුරුවරුන් හා අධ්‍යාපනය සම්බන්දයෙන් ආණ්ඩුව සිදුකෙරෙමින් පවතින මර්දනකාරී පිළිවෙතට විරෝධය පා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි.

ඒ අනුව ඔන්ලයින් විශේෂ මධ්‍යස්ථානවලින් මෙන්ම උසස් පෙළ විභාගයට අයදුම් කිරීමට අදාළ කටයුතුවලින්ද අද දින සිට ගුරුවරුන් ඉවත්වනු ඇති.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතා දැක්වීමේදී නිරෝධායන නීති කඩකළ බවට ජෝෂප් ස්ටාලින් මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන බලහත්කාරයෙන්, අනීතිකව නිරෝධායනයට යොමු කිරීම කටයුතු කිරීමේ සිදුවීමද ගුරුවරුන් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට එක් හේතුවක්වී තිබෙනවා.

මීට පෙර ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතාවද විරෝධතාවයක සහභාගීවීම හේතුවෙන් නිරෝධායන නීති කඩකළේයැයි පවසා අත්අඩංගුවට ගැණුනා.

ඒ අනුව මෙම ඔන්ලයින් අධ්‍යාපනය ලබාදීම වර්ජනය කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය ඇතුලු සංගම් 14ක් එක්ව සිටිනවා.

මේ අතර ගුරු වෘත්තීය සමිති ගෙන ඇති මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය පලකරමින් කතෝලික පාසල්වල ගුරුවරුන්ද අද සිට ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වී තිබෙනවා.

ඒ අනුව කොළඹ අගරදගුරු නිවසේ මාධ්‍ය ප්‍රකාශක ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් සදහන් කරන්නේ සියලු කතෝලික පාසල්වල ගුරුවරුන් මීට සහය දක්වන බවයි.

RECENT ARTICLES - SINHALA

ගැරී ආනන්දසංගරීට LTTEයට සහාය දුන් බවට චෝදනාවක්

එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට පුරවැසිභාවය ලබාගැනීම සඳහා සහාය පළකර ඇති බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. විදෙස්...

චෙම්මනිවල අපරාධයක් සිදුවෙලා – රාජ් සෝමදේව

චෙම්මනි සමූහ මිනී වළ ආශ්‍රිත ව නිල් පැහැති පොත් බෑගයක් හා සෙල්ලම් බඩුවලට සමාන භාණ්ඩ සමඟ සොයා ගත් මිනී අස්ථි කොටස් වයස අවුරුදු හතරත්...

ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට එසවීමට කටයුතු කරන්න

ක්‍රීඩාව දියුණු කිරීමට දායක වන ක්‍රීඩා සංගම් සමඟ ඒකාබද්ධවී ක්‍රීඩාව ජාතික මට්ටමේ සිට ජාත්‍යන්තර මට්ටමට  ඔසවා තැබීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක...

POPULAR ARTICLES

ගැරී ආනන්දසංගරීට LTTEයට සහාය දුන් බවට චෝදනාවක්

එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට පුරවැසිභාවය ලබාගැනීම සඳහා සහාය පළකර ඇති බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. විදෙස්...

අමෙරිකාවට ප්‍රබල භූ කම්පනයක්

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයට ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබෙනවා. රික්ටර් මාපකයේ ඒකක 7.3ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ හේතුවෙන්...

චෙම්මනිවල අපරාධයක් සිදුවෙලා – රාජ් සෝමදේව

චෙම්මනි සමූහ මිනී වළ ආශ්‍රිත ව නිල් පැහැති පොත් බෑගයක් හා සෙල්ලම් බඩුවලට සමාන භාණ්ඩ සමඟ සොයා ගත් මිනී අස්ථි කොටස් වයස අවුරුදු හතරත්...