පැසිපන්දු ක්‍රීඩකාවක් ලෙස ද දස්කම් දක්වන 14 හැවිරිදි දැරියක් එක්සත් ජනපද ස්ක්‍රිප්ස් නැෂනල් ස්පෙලින් බී තරඟය ජයග්‍රහණය කළ පළමු අප්‍රිකානු ඇමරිකානුවා ලෙස වාර්තාවක් තබා තිබේ.
ලුසියානා හි නිව් ඕර්ලියන්ස් හි වෙසෙන සයිලා ඇවන්ගාඩ් නම් ඇය අවසන් වටයේ දී murraya යන වචනයේ අක්ෂර ගළපා තරඟය ජයග්‍රහණය කරන ලදී.
ජයග්‍රහණය වෙනුවෙන් දිනකට පැය හතක් පුහුණුවීම් කර ඇති අතර අක්ෂර වින්‍යාසය සිදු කිරීම ඇගේ විනෝදාංශයක් බව ඇය පවසා තිබේ.
පැසිපන්දු ක්‍රීඩාවෙන් ඉදිරියට යාමට ප්‍රිය කරන සයිලා මේ වන විටත් එම ක්‍රීඩාවේ ලෝක වාර්තා තුනකට හිමිකම් කියයි.
ඇමරිකානු ස්පෙලින් බී තරඟය කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ගිය වසරේ දී අවලංගු කෙරිණි.
තරඟකරුවන් 11 දෙනෙකුගෙන් යුත් අවසාන වටයෙන් ජයග්‍රහණය කළ සයිලා පළමු ස්ථානය වෙනුවෙන් ඩොලර් 50,000 ක මුදල් ත්‍යාගයක් ද දිනා ගත්තාය.