26 C
Colombo
Friday, March 29, 2024

ගෑස් පිපිරුවොත් දේශබන්දුට කියන්න – පොලිස්පති

- Advertisement -

ගෘහස්ත ගෑස් සිලින්ඩර් කාන්දුවීමෙන්, ගිනි ගැනීමෙන් හෝ පුපුරායාමෙන් සිදුවන අනතුරු සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීම සඳහා පොලිස් සම්බන්ධීකරණ නිලධාරීයා වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කර තිබෙනවා.

මෙම පත්කිරීම පොලිස්පතිවරයා විසින් සිදුකර ඇති අතර දිවයිනේ ඕනෑම ස්ථානයක ගෑස් කාන්දුවීමක් මගින් සිදුවන පිපිරීමකදී අදාළ ප්‍රදේශය භාර පොලිස් ස්ථානාධිපතිවරයා වහාම දේශබන්දු තෙන්නකෝන් මහතා දැනුවත් කළ යුතු බවට පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා.

ඒ අනුව අදාළ අනතුරෙහි තොරතුරු හා ඡායාරූප නොපමාව WhatsApp මාර්ගයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතාට යොමුකල යුතු බවත් ඊට අදාළ ගොනුවක් දින 03 ක් ඇතුළත දේශබන්දු තෙන්නකෝන් මහතාට යොමුකල යුතු බවටත් සදහන්.

එමෙන්ම ගෑස් සිලින්ඩර පුපුරායෑමක් සිදුවුවහොත් අදාළ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා හෝ ස්ථානාධිපතිවරයා අදාළ ගෑස් සිලින්ඩරය අයත් ගෑස් සමාගම හෝ නියෝජිත ආයතනය නොපමාව දැනුවත් කළ යුතු බවටද පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...