දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවා.
පාසලකට ඇතුලත් කිරීමේදී අසාධාරණයක් සිදුවන්නේ නම් ඒ බව අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් දෙන ලෙසද අග්‍රාමාත්‍යවරිය තවදුරටත් පවසා සිටියා.
දොඩංගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් අද (22) පස්වරුවේ අග්‍රාමාත්‍යවරිය පවසා සිටියේ,
“මේ අලුත් දේශපාලන සංස්කෘතිය සෑම ස්ථරයකම සිදුවිය යුතුයි. ජනාධිපති, පාර්ලිමේන්තුව, අමාත්‍ය මණ්ඩලය වගේම පලාත් පාලන ආයතන තුළත් ඒ වෙනස ඇතිවිය යුතුයි. ඒ ගැළපීම සිදු නොවුනොත් මේක කරන්න බැහැ..”