25 C
Colombo
Wednesday, March 19, 2025

ස්වර්ණමහල් ආයතනයට තාවකාලික අවසරයක්

- Advertisement -

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනය, “බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීම සඳහා වන ප්‍රධාන සැලැස්මට” අන්තර්ග්‍රහණය කිරීමේ හැකියාව අධ්‍යනය කිරීමේ අරමුණින්, 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ 31(5)(අ) වන වගන්තිය ප්‍රකාරව, 2021 ඔක්තෝබර් 13 දින සිට බල පැවැත්වෙන පරිදි මාස 06ක සීමිත කාල සීමාවක් සඳහා, එම ආයතනයේ ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කිරීමට අවසර ලබා දෙමින් නියෝගයක් නිකුත් කර ඇත.

ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී එල් සී ආයතනයේ කටයුතු තවදුරටත් කළමනාකරණය කිරීමට සහ ඉහත සඳහන් ක්‍රියාවලියට අදාල කටයුතු ආරම්භ කිරීමට සහ පහසුකම් සැලසීමට මුදල් මණ්ඩලය මඟින් පත් කරන ලද කළමනාකරණ මණ්ඩලය (කළමනාකරණ මණ්ඩලය) වෙත බලය පවරා ඇති අතර ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනයේ අධ්‍යක්ෂවරුන් බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ/හෝ කළමනාකරණ මණ්ඩලය විසින් බලය පවරනු ලබන කාර්යයන් පමණක් ඉටු කරනු ඇත.

තවද, ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනය ඉහත සඳහන් “බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීම සඳහා වන ප්‍රධාන සැලැස්මට” අන්තර්ග්‍රහණය කිරීම හා සම්බන්ධ කටයුතු හැර කිසිඳු ආකාරයක මූල්‍ය ව්‍යාපාර හෝ වෙනත් ව්‍යාපාර කටයුතු කරගෙන යාමට එම ආයතනය වෙත අවසර දී නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත දැනුම් දෙනු ලැබේ. එබැවින්, ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනය සමග පවත්නා ගිවිසුම්ගත බැඳීම්වලට අදාල පියවීම් හැර එම ආයතනයේ මුදල් තැන්පත් කිරීම හෝ ආයතනය සමඟ වෙනත් කිසිඳු ආකාරයකින් ව්‍යාපාර කටයුතු සිදු කිරීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනයෙන් ණය ලබාගත් පාර්ශවයන් හෝ ආයතනය වෙත ගෙවීම් සිදු කිරීමට ඇති අනෙකුත් පාර්ශවයන් සිය ගිවිසුම්ගත බැඳීම්වලට අදාල පියවීම් එම ආයතනය නමින් පවතින පහත සඳහන් බැංකු ගිණුම් හරහා පමණක් සිදු කල යුතු අතර එම සියළු ගෙවීම් සම්බන්ධව වාර්තා පවත්වා ගැනීම තුළින්, ගෙවීම් නිසි පරිදි සිදු නොකිරීම නිසා ඇති විය හැකි නීතිමය ක්‍රියාමාර්ග මගහරවා ගන්නා ලෙස දැනුම් දෙනු ලැබේ.

බැංකුවේ නමශාඛාවගිණුම් අංකය
සම්පත් බැංකුවප්‍රධාන ශාඛාව2930013377
කොමර්ෂල් බැංකුවකොල්ලුපිටිය ශාඛාව1107428801

වැඩිදුර විමසීම් සඳහා;

ආයතනය/ දෙපාර්තමේන්තුවඅවශ්‍යතාවදුරකථන අංකවිද්‍යුත් තැපැල් ලිපිනය
බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනයේ ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කිරීම සම්බන්ධ විමසීම් සඳහා0112477504[email protected]
ඇමතුම් මධ්‍යස්ථානය, මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවපොදු විමසීම් සඳහා0112477966
1935
[email protected]
ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනය/ මුදල් මණ්ඩලය මඟින් පත්කරන ලද කළමනාකරණ මණ්ඩලයතැන්පතු, ආයතනයෙන් ලබාගත් ණය මුදල් පියවීම සහ අදාල අනෙකුත් විමසීම් සඳහා0117534800[email protected]

RECENT ARTICLES - SINHALA

දේශබන්දු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට 

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙනගොස් තිබෙනවා. දේශබන්දු තෙන්නකෝන් එහි සාමාන්‍ය වාට්ටුවක රඳවා ඇති බව‍යි වාර්තා වෙන්නේ. අධිකරණයෙන් සැඟවී දින...

රුපියල් මිලියන 3.8කට වැඩි කීරි සම්බා තොගයක් රාජසන්තක කෙරේ

පිටකොටුවේ වෙළෙඳසැලක තිබූ රුපියල් මිලියන 3.8 කට අධික වටිනාකමින් යුත් සහල් තොගයක් රාජසන්තක කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ, වෙළෙදසැලේ සඟවා තබාගෙන සිටි...

දේශබන්දුගෙ බිරිඳගෙන් පැමිණිල්ලක්

සෝදිසි වරෙන්තුවක් නොමැතිව හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කළ බවට ඔහුගේ බිරිඳ විසින් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ (18)...

POPULAR ARTICLES