30.3 C
Colombo
Thursday, April 25, 2024

පුංචි ලෝකාන්තයේ කූඩාරම් ඉදිකිරීම මින්පසු තහනම්

- Advertisement -

මඩොල්සිම රෝබේරිය පුංචි ලෝකාන්ත භූමියේ කූඩාරම් ඉදිකිරීම සංචාරකයින්ට තාවකාලිකව තහනම් කර ඇති බව බව මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ සභාපති ලලිත් ජයවර්ධන මහතා සඳහන් කරනවා.

එහි පවතින අනාරක්ෂිත බව සහ පසුගිය දිනක පුංචි ලෝකාන්තයේ රාත්‍රී කාලයේ කූඩාරම් ඉදිකර එහි විනෝදවෙමින් සිටි පිරිස අතුරින් පුද්ගලයකු ප්‍රපාතයට ඇදවැටී ජීවිතක්ෂයට පත්වීමත් නිසා මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ.

තවද දේශීය විදේශීය සංචාරකයින් නිතර ලෝකාන්තයට පැමිණ කූඩාරම් ඉදිකරමින් රැය පහන් කරන බැවින් සිදුවන අනතුරු මෙන්ම පාරිසරිකව ද හානි සිදුව තිබෙනවා.

මේ නිසා ලෝකාන්තය නැරඹීම සදහා වීදුරු සහිත නැරඹුම් මැදිරි හා ආරක්ෂිත වැටක් සවිකර සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් ස්ථාපිත කරන තෙක් රාත්‍රී කූඩාරම් ඉදිකර විනෝද වන සංචාරකයින්ට ප්‍රාදේශීය සභාව මගින් තාවකාලික තහනමක් පනවා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ITC Ratnadipa අද විවෘත කෙරේ

ගාලුමුවදොර අලංකාරය තවත් වැඩි කරන ITC රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය අද (25) විවෘත කෙරෙනවා. ඩොලර් මිලියන 300 ක ඉන්දියානු ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක මෙම...

දකුණේ දේශපාලකයෙක් කොරියාවට යවනවා කියලා කෝටි 3 ක් අරන්

රජය හරහා විභාගයකින් තොරව කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා තිස්සමහරාමයේ දේශපාලනඥයෙකු විසින් තරුණයින් පන්සියයකට පුහුණුවක් ලබාදීමට කටයුතු කර තිබෙන බවට වාර්තා වනවා. ඒ සඳහා කොළඹ...

තරුණයාට වෘෂණ කෝෂය අහිමි කළ පොලිසියේ දෙදෙනා යළිත් රිමාන්ඩ්

ලොරි රථ රියැදුරකු ලෙස කටයුතු කළ 23 හැවිරිදි තරුණයකුට රථ වාහන සෝදිසියකදී අමානුෂික ලෙස පහරදී, ඔහු මරා දැමීමට තැත් කර වෘෂණ කෝෂයක් අහිමි කිරීමේ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...