25 C
Colombo
Wednesday, September 27, 2023

සුපිරි හොලිවුඩ් නළුවෙක්ට දරුණු චෝදනා

- Advertisement -

සුපිරි හොලිවුඩ් නළුවෙකු වන රසල් බ්‍රෑන්ඩ් ට ස්ත්‍රී දූෂණ, ලිංගික අතවර සහ මානසිකව අපයෝජනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ලව තිබෙනවා.

ද සන්ඩේ ටයිම්ස්, ද ටයිම්ස් සහ චැනල් 4 නාළිකාවේ ඩිස්පෑචස් යන වාර්තාමය වැඩසටහන ඒකාබද්ධව සිදුකළ විමර්ශනයකින් අනතුරුව ඔහුට එම චෝදනා එල්ල ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විකට නළුවෙකු මෙන්ම චරිතාංග නළුවෙකු ලෙස සිය වෘත්තීය ජීවිතයේ ඉහළම අවස්ථාවේ සිට වසර හතක් වැනි කාලයක් තුළ දී රසල් එම අපචාර සිදුකර ඇති බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලව ඇති බව සඳහන්.

2006 සිට 2013 දක්වා කාලය තුළ කාන්තාවන් හතර දෙනෙකු ට රසල් විසින් ලිංගික අතවර කර ඇති බවට චෝදනා කර තිබෙන අත රසල් එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

එමෙන්ම ඔහු පවසා ඇත්තේ, මේ සම්බන්ධයෙන් සඳහන් වූ තර්ජනාත්මක ලිපි රැසක් ඔහුට රූපවාහිනි නාළිකා සමාගමක් සහ පුවත්පතක් විසින් එවා තිබූ බවයි.

RECENT ARTICLES - SINHALA

රනිල් ජර්මනියට ගිහින්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා අද (27) අලුයම ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ජර්මනිය බලා පිටත්ව ගොස් තිබෙනවා. මෙම සංචාරයේ අරමුණ...

ජංගම දුරකථනයක් නිසා තරුණයෙකුට දිවි අහිමි වෙයි

මහනුවර - තෙල්දෙණිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 17 හැවිරිදි තරුණයෙකු එහි ගොඩනැගිල්ලක සිව්වන මහලෙන් බිමට පැන ඊයේ (26) අලුයම සියදිවි හානිකර ගෙන තිබෙනවා. මෙම...

CIDයේ වැසිකිළියකින් වේදනානාශක පෙති තොගයක් සොයා ගැනේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැසිකිළියක් තුළ තිබී වේදනානාශක ඖෂධ පෙති තොගයක් සොයා ගෙන තිබෙනවා. අවස්ථා තුනකදී එලෙස වේදනානාශක ඖෂධ පෙති සොයාගත් බව පොලිසිය සඳහන් කරනවා. එම ඖෂධ...

POPULAR ARTICLES

බැංකුවල ණය පොළී අනුපාතයේ වෙනසක්

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවත් පදනම් අංක 40 කින් සියයට 14.81 දක්වා අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට...

සිනොපෙක් එකටත් වඩා අඩුවෙන් තෙල් දෙන RM පාර්ක්ස්

එක්සත් ජනපදයේ RM Parks සමාගම ලබන මස සිට ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. RM Parks සමාගම යනු ලෝ...

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

ඉන්දියාවේදී පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි කටයුතු කරන්නේ දසුන්...