27 C
Colombo
Sunday, April 2, 2023

තායිලන්තය සංචාරකයින් සඳහා යාත්‍රා නිරෝධායනය දියත් කරයි

- Advertisement -

තවමත් දරුණුත කෝවිඩ් නැගීමකට ගොදුරුවී සිටින තායිලන්තයට පැමිණෙන විදේශිකයන්ට දැන් සති දෙකක කොරෝනා වයිරස් නිරෝධායනයක් යාත්‍රාවක් මත ගත කළ හැකි බව එරට මාධ්‍ය වාර්තා කරයි.

වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ රටේ අරගලකාරී සංචාරක කර්මාන්තය පුනර්ජීවනය කිරීම මෙම පියවරේ අරමුණ වන අතර මෙමගින් යාත්‍රා සංචාරක ආදායමට ඩොලර් මිලියන 42 ත් ඩොලර් මිලියන 58 ක ප්‍රමාණයක් ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරන බව වාර්තාවේ.

සඳුදා (08) තායි රජයේ ඩිජිටල් ආර්ථික ප්‍රවර්ධන ඒජන්සිය (Digital Economy Promotion Agency) නිවේදනය කල පරිදි යාත්‍රා නිරෝධායන වැඩසටහන මඟින් සෘණාත්මක කොරෝනා වයිරස් පරීක්ෂණයක් ඇති අමුත්තන්ට ෆුකෙට්හි (Phuket)යාත්‍රාවක් හෝ කුඩා නෞකාවක නැගීමට කාලය ගත කිරීමට ඉඩ සැලසේ.සංචාරකයින්ට උෂ්ණත්වය සහ රුධිර පීඩනය ඇතුළු වැදගත් දේ අධීක්ෂණය කරන ස්මාර්ට් අත් ඔරලෝසුවක් පැළඳිය යුතු අතර ජීපීඑස් හරහා එය පැළඳ සිටින ස්ථානය නිරීක්ෂණය කිරීමට අපේක්ෂිතය. කිලෝමීටර 10 ක අරයක් තුළ මුහුදේදී පවා මෙම උපකරණයට තොරතුරු සම්ප්‍රේෂණය කළ හැකි බව එරට රජය පවසයි.

ලෝපුරා සංචාරකයින්ගේ ජනප්‍රිය ගමනාන්තයක් වු තායිලන්තයේ කොරෝනා වසංගතයෙන් සංචාරකයින්ගේ සංඛ්‍යාව දිනකට 40,000-50,000 සිට සිය ගණනක් දක්වා පහත වැටී ඇත. පසුගිය වසරේ මාර්තු මාසයේදී විදේශීය සංචාරකයින් තහනම් කර ඇති තායිලන්තය ඔක්තෝම්බර් මාසයේ සිට ක්‍රමයෙන් සිය දේශසීමා නැවත විවෘත කරමින් සිටී. මේ අතර පසුගිය සතියේ තායිලන්තයේ සංචාරක ඇමතිවරයා කියා සිටියේ වෙරළ නිවාඩු නිකේතන ඇතුළු ජනප්‍රිය සංචාරක ප්‍රදේශවල නිරෝධායනය සිදු කිරීම සඳහා විදේශිකයන් සඳහා සැලැස්මක් යෝජනා කරන බවයි. හෝටල්නිරෝධායන සැලැස්ම අප්‍රේල් හෝ මැයි මාසවලදී ෆුකෙට්, ක්‍රාබි සහ චියැං මායි ඇතුළු ජනප්‍රිය පළාත්වල ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

– තක්ෂි තිරිමාදුර –

RECENT ARTICLES - SINHALA

මොන්ටිසෝරියටත් ප්‍රජනන සෞඛ්‍යය

පෙර පාසල් අවධියේ සිටම ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් ඉගැන්වීම් දරුවන්ට ලබාදීමට විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා. ළමයින් සඳහා වන පාර්ලිමේන්තු...

පාඨලීගෙන් නව දේශපාලන පක්ෂයක්

ලබන මසදී නව දේශපාලන පක්ෂයක් පිහිටුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ...

වෘත්තිකයන් අවසන් තීරණයකට එන්න හෙට යළි රැස්වෙයි

රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට වෘත්තීයවේදීන්ගේ සමිති එකමුතුවේ නියෝජිතයින් හෙට (03) යළි...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...