25 C
Colombo
Saturday, May 24, 2025

සුද්ද එක්ක මොනර මස් කාපු ආදිවාසීන් 05 දෙනා අත්අඩංගුවට

- Advertisement -

පොළොන්නරුව මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ ආරක්‍ෂිත පක්ෂයක වන මොණරෙකු මරා පුළුස්සා එම මස් මී පැණි සමග ආහාරයට ගත් ආදිවාසී පස්දෙනා ඊයේ (10 ) හෙනානිගල අඩවි ආරක්ෂක කාර්යාලයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඔවුන් පස්දෙනාට රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප මත නිදහස් කර සැප්තැම්බර් 15 වෙනිදා යළිත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහියංගන මහේස්ත්‍රාත් තාරක රසංග සංජීව ජිනදාස මහතා නියෝග කර තිබෙනවා.

අදාළ ආදිවාසී සැකකරුවන් පස්දෙනා 10 වෙනිදා හෙනානිගල අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකෝන් විසින් අත්අඩංගුවට ගෙන මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

මාදුරුඔය ජාතික වනෝද්‍යායේ ආරක්ෂිත පක්ෂයෙකු ලෙස හඳුන්වන මොණරෙකු දඩයම් කර ගිනි දල්වා පුළුස්සා විදේශිකයකු සමග එම මස් ආහාරයට ගන්නා අයුරු රූගත කර youtube නාලිකාවක් ඔස්සේ ප්‍රදර්ශනය කර තිබීම දැනුම්වත් වීමෙන් පසු වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත උල්ලංඝනය සම්බන්ධයෙන් මෙම ආදිවාසීන් පස්දෙනා ගැන විමර්ශන කටයුතු ආරම්භ වී තිබුණා.

ආදිවාසීන් පස් දෙනා සම්බන්ධව හෙනානිගල අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකෝන් විසින් බී වාර්තාවක් හරහා ඉදිරි නීති කෘත්‍ය සඳහා මහියංගණය අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

බී වාර්තාව මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු ආදිවාසීන් පස්දෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහියංගන මහේස්ත්‍රාත් තාරක රසංග සංජීව ජිනදාස මහතා ජුනි 13 වෙනිදා වනජීවී නිලධාරීන්ට නියෝග කළා.

මෙම සිද්ධිය 2019 වර්ෂයේ හෝ 2020, වර්ෂයේ සිදුව ඇති බවට සැක කරන බවත්, විදේශිකයා සමග දඹාන ප්‍රදේශයේ ආදිවාසීන් පස්දෙනා එම අපරාධය සාමූහිකව සිදුකර රූගත කිරීම සම්බන්ධව සහ 1964 අංක 44 දරණ හා වර්ෂ 1970 අංක 01 හා 1993 අංක 49 දරන හා වර්ෂ 2012 අංක 22 දරණ අණ පනත් වලින් සංශෝධිත, 1937 අංක 02 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 469 අධිකාරිය සහ දණ්ඩ නීති සංග්‍රහයේ අංක 32 ප්‍රකාරව පොදු අරමුණින් යුතුව මෙම අපරාධය සිදුකර ඇති බවට සනාථ වීම නිසා ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර තිබුණා.

අත්අඩංගුවට ගත් ආදිවාසීන් පස්දෙනා පාපොච්චාරණය කර ඇත්තේ තමන් මොනරා ඝාතනය නොකළ බවත්, සුරංග නමැති පුද්ගලයකු විසින් මරණ ලද මොණරෙකු දඹාන පාසල අසලදී තමන්ට දුන් බවත්, තමන් පස්දෙනා විදේශිකයාට සම්බන්ධ කරදීමෙන් අනතුරුව සුරංග යන අය විසින් තමන්ට රුපියල් 2500 බැගින් වූ මුදලක් ලබාදීමට කටයුතු කළ බවයි.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් වහාම මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද, හෙනානිගල අඩවි ආරක්ෂකවරයා සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

හෙට පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට පැය 12ක කාලයක් හෙට (25) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. අඹතලේ ජල පවිත්‍රාගාරයේ...

මාලිනිය වෙනුවෙන් ජනපති තැබූ සටහන

ලාංකේය සිනමාවේ සැබෑ නිරුපිකාවක් වූ මාලනි ෆොන්සේකාගේ අභාවය සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කම්පාවට පත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක්...

ලබන අවුරුද්දේ මැයි 24 වෙනකොට මේ ආණ්ඩුව ඉවරයි – නලින් බණ්ඩාර

ලබන වසරේ මැයි 24 වනදා වන විට මේ ආණ්ඩුව පලවා හරින බව සමඟි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා. අද (24) කොළඹදී...

POPULAR ARTICLES