23 C
Colombo
Thursday, February 13, 2025

සමන් දේවාලයේ ඇත් දළ 14 නැතිවෙලා නැහැ – ප්‍රධාන කපු මහතා

- Advertisement -

ඓතිහාසික මහ සමන් දේවාලයේ ලේඛනවල සඳහන් ඇත් දළ දාහතර ම සුරක්ෂිතව පවතින බව ප්‍රධාන කපු මහතා වන ශ්‍රී නාරායන කපුරාලගේ වීරවර්ධන බණ්ඩාර ඊයේ (22) පැවසු බව මව්බිම පුවත්පත වාර්තා කරනවා.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ රත්නපුර සහකාර කොමසාරිස්වරයා විසින් රත්නපුර මහ සමන් දේවාලයේ ඇත් දළ සහ සේප්පු දෙකක යතුරුද අස්ථානගත වීම ගැන රත්නපුර පොලිසියට පැමිණිලි කිරීම ගැන අදහස් දක්වමින් බණ්ඩාර මහතා මේ බව පවසා තිබෙනවා.

පසුගිය දිනවල පරීක්ෂණ සඳහා පැමිණි නිලධාරිනියක් සමන් දේවාලයේ පිහිටි පත්තිනි දේවාලයට ගොස් බැතිමතෙකු විසින් පූජා කරන ලද ලී ඇත් දළ දෙකද නිරීක්ෂණය කර සටහන් කරගත් බවත් එම නිලධාරිනියට මෙය ලී ඇත් දළ දෙකක් බැවින් සටහන් නොකරගන්නා ලෙස පවසද්දීත් ඇය එය සටහන් කරගෙන ගිය බවත් කපු මහතා පවසා සිටියා.

සබරගමු මහ සමන් දේවාලයේ පසුගිය දෙසැම්බර් මස 1 වනදා සිදුකරන ලද විගණනයට අනුව ඇත් දළ දෙකක් අතුරුදන් බවට රත්නපුර බෞද්ධ කටයුතු නියෝජ්‍ය කොමසාරිස්වරයා රත්නපුර පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයට කළ පැමිණිල්ල අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

දේවාලයේ නින්දගම් ඉඩම්වල මැණික් පතල් බලපත්‍ර හයසියයක් ලබාදී ඇතත් නිසි පරිදි ලේඛන තබා නොගැනීම ගැනද විගණනයෙන් වාර්තා වී ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

විදුලි කප්පාදුව ගැන අවසන් තීරණය අද

විදුලිය කප්පාදුව තවදුරටත් සිදුකරන්නේ ද ? නැද්ද ? යන්න සම්බන්ධයෙන් අද (13) දිනයේ තීරණය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය...

පානදුර මුහුදේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගහගෙන ගිහින්

පානදුර මුහුදේ ඊයේ (12) පස්වරුවේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගසාගෙන ගොස් ඉන් 12 දෙනෙකුගේම දිවි බේරාගැනීමට හැකි වූ බව පානදුර ජීවිත ආරක්ෂක ඒකකය...

හල්පේ මාරක අනතුරක්

ලොරි රථයක් හා ස්කූටි වර්ගයේ යතුරු පැදියක් එකිනෙක ගැටීමන් මාරක අනතුරක් සිදුව තිබෙනවා. ඇල්ල පොලිසිය පවසන්නේ, බදුල්ල, බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හල්පේ ඉන්ධන පිරවුම්හල අසළදී අද...

POPULAR ARTICLES